slc
logo
Home   |    News
මාර්තු 23, 2023
යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි

sinhala editor

යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් අත්කරදීම යැයි මේජර් අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු තීෂාන් විතුෂාන් ප්‍රකාශ කරයි.

තීෂාන් මේ තරගාවලියේ තරග හතරකදී කඩුලු 27ක් දවා පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වීය.

“යාපනයේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනෙකු මේ වන විට මෙහි පළමු ශ්‍රේණියේ තරගාවලියන්ට සහභාගි වනවා.  මෙයින් දෙදෙනෙකු දඟපන්දු යවන්නන්.  තවත් දෙදෙනෙකු වේග පන්දු යවන්නෝයි.  අනෙක් ක්‍රීඩකයා දක්ෂ පිතිකරුවෙකි. මොවුන් සැමගේ අපේක්ෂාව ජාතික කණ්ඩායම් නියෝජනය කිරීම” යැයි ද විතුෂාන් කියයි.

“මේ වන විට අපගේ ක්‍රීඩකයන් අතුරින් විජේකාන්ත් වියස්කාන්ත් බංග්ලාදේශයේ ක්‍රිකට් තරගාවලියන්ට සහභාගිවනවා පමණක් නොව ඔහු එහිදී දක්ෂතාත් පෙන්වා තිබෙනවා.  මා (තීෂාන්) අවුරුදු 23න් පහළ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූවා.  අපේ අනෙක් අයත් දක්ෂයි.  අපට අවශ්‍ය තවත් දක්ෂතා වැඩිකර ගැනීමයි.”

“අප යාපනයේ දී ක්‍රීඩා කළේ රතු පැහැති පන්දුවෙන් මැටින් විකට්ටු (ලණු පැඳුරු) වලයි.  ඒ වගේම අප පුහුණුව ලැබුවේත් පැති විකට්ටුවලයි. (සයිඩ් විකට්) මෙහිදී අපට සුදු පන්දුවෙන් සහ හොඳම තණතිලිවල ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වනවා.  මේ වගේම මේ වගේ තියුණු තරගාවලියන්ට සහභාගිවීමට අවස්ථාව උදාකරදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වනවා” යැයිද විතුෂාන් පැවසීය.

යාපනය මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලැබූ තීෂාන් විතුෂාන් ගොවි පවුලකින් පැවැති එන අයෙකි.  ඔහුගේ පියා රතුලූණු වගා කරන ගොවියෙකි.  මව ඊට සහය වන ගෘහනියකි.  යාපනයේ තවත් නැගී එන දක්ෂ ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටින බව ද තීෂාන් පවසයි.

“මා මුවර්ස් කණ්ඩායමට ඇතුලුවීමෙන් පසුව රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම දඟපන්දු යැවීම සඳහා මට ගොඩක් සහය දුන්නා.  ඒ වගේම නව පුහුණුකරු චාමර කපුගෙදර මගේ දක්ෂතා වැඩිකිරීමට මා පිටුපස සිටියා. මුවර්ස් සමාජය මා හට නවාතැන් පහසුකම් ආහාරපාන සහ ශාරීරික යෝග්‍යතා පහසුකම් (ජිම්) නොමිලේම සැපයුවා.  ඔවුන් සියල්ලටම මා ස්තූතිවනත් වනවා. මගේ අපේක්ෂාව මේ දක්ෂතා ප්‍රගුණ කර ගනිමින් ජාතික කණ්ඩායමට ඇතුලුවීම” යැයි ද තීෂාන් විතුෂාන් පවසයි.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee