slc
logo
Home   |    News
මාර්තු 14, 2023
යොවුන් පිලේ නායකත්වය ෂෙවෝන් ඩැනියල්ට

sinhala editor

BY CHAMILA KARAWITA

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන වසස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 කණ්ඩායමේ නායකයා ලෙස ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්ව පත් කර තිබේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල හැරුණු විට ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් තරග වදිති. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (මාර්තු 15 දා) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තුන්කොන් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව එක්දින තරග 2 කටද ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

නායකත්වයට පත්කර තිබෙන ෂෙවෝන් ඩැනියල්, මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අත්දැකීම් වලින් පරිපූර්ණ ක්‍රීඩකයෙකි. පිතිකරුවකු ලෙස දක්වා ඇති දක්ෂතා නිසාම ඔහු දේශීය තරග මාලා‌ව යටතේ කොළඹ එස්. එස්. සී. කණ්ඩායම මෙන්ම නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී දඹුල්ල අවුරා කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙකි.

ඒ හැරුණු කොට අවසන් වතාවට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ කරන ලද සංචාරයට ඇතුළත්ව සිටි වමත් දඟ පන්දු යවන මල්ෂ තරුපති, දකුණත් පිට දඟ පන්දු යවන ට්‍රෙවීන් මැතිව් සහ වේග පන්දු යවන දුවිදු රණතුරංග ද නම් කරන ලද කණඩායමට ඇතුළත්ව සිටිති. මේ අතරින් දුවිඳු රණතුරංග හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් තිදෙනාම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෝ වෙති.

2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සාර්ථක කණ්ඩායමක් බිහි කරලීමේ පරමාර්ථය ඇතිව, නම් කරන ලද කන්ඩායමේ බහුතරයක් එම තරගාවලිය නියෝජනය කිරීමට තරම් වයසින් බාළ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි. වර්තමාන යොවුන් කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 15 දෙනාගෙන් නායක ෂෙවෝන් ඩැනියල්, ට්‍රෙවීන් මැතිව් සහ දුවිදු රණතුංග හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් 13 දෙනාටම 2024 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ හැක.

කණ්ඩායමට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නන් අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ වත්තල පාසලේ ඉගෙනුම ලබන ගරුක සංකෙත් ඇතුළත්ව සිටීම කැපී පෙනයෙි. ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයෙක් තේරී පත්වූ පළමු අවස්ථාව ලෙසින්ද මෙය ඉතිහාස ගත වන්නේය. ගරුක ගෙවී ගිය 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වන ලද වයස අවුරුදු 17 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින්ද සම්මාන දිනා ගැනීමට සමත්වූවේය. කොළඹ උතුරු කණ්ඩායම නියෝජනය කළ දකුණතින් වේග පන්දු යවන ගරුක ඉනිම 4 කදී කඩුලු 11 ක් දවා ගනිමින් දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

ගරුක හැරුණු විට ශ්‍රී ලංකා යොවුන්  පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දුවිඳු රණතුංග කටයුතු රන අතර මනුල කුලරත්න සහ දිනුර කලුපහන වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට ශක්තිය ලබා දෙති.

කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ලබන්නේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ හිරාන් ජයසුන්දර වන අතර ඔහුගේ සහායකයා ලෙස හිරුන් කපුරුබණ්ඩාර කටයුතු කරයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම ඉකුත් 2020 වසරේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන දිනාගත් කණ්ඩායම වේ. ශ්‍රී ලංකා පිල අවසන් වතාවට ඇෆ්ගනිස්තානු නිමාවට පත් වුණු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයේදී මුණ ගැසුණු නමුත්, දුවද්දී දැවී යෑම් 4 ක් කණ්ඩායමෙන් වාර්තාවීම හේතුවෙන් අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් හමුවේ ලැබීය.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee