slc
Home   |    News
මාර්තු 28, 2023
වර්ෂාව නිසා දෙදෙනි එක්දින තරගය අතහැර දමයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් අද (28 දා) තීරණය කළේය. දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ පැවැත්වීමට සංවිධායකයින් උපරිම උත්සාහයක නිරත වුවද එම බලාපොරොත්තු කිසිවක් සඵල නොවීය.

පන්දුවාර විස්සක තරගයක් ලෙසින් පැවැත්වීමට නම් තරගය අවම වශයෙන් නවසීලන්ත වේලාවෙන් ප.ව. 7.02 ට පෙර ආරම්භ කළ යුතු වුවත් දිග්න් දිගටම වර්ෂාව පැවැතීම නිසා තරගය ප.ව. 4.25 ට අත හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය අතහැර දැමීමත් සමඟ දෙපිළම අතර ප්‍රසාද ලකුණු බෙදී ගීයහ. එබැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු තව දුරටත් බිඳ වැටිණ. නවතම යාවත්කාලීනයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඉළ ගොස් සිටියද 9 වැනි ස්ථානයේ රැදී සිටියි.

තවත් දින 3 කට පසු ආරම්භ වීමට නියමිත තෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 9 වැනි තැනට ඇද දැමීමට අවස්ථාව උදාවන අතර එහිදී නවසීලන්තය සහ නෙදර්ලන්තය ඉදිරි තරග වලදී දක්වනු ලබන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන තීරණය වනු ඇත.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest