slc
logo
Home   |    News
මාර්තු 28, 2023
වර්ෂාව නිසා දෙදෙනි එක්දින තරගය අතහැර දමයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් අද (28 දා) තීරණය කළේය. දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ පැවැත්වීමට සංවිධායකයින් උපරිම උත්සාහයක නිරත වුවද එම බලාපොරොත්තු කිසිවක් සඵල නොවීය.

පන්දුවාර විස්සක තරගයක් ලෙසින් පැවැත්වීමට නම් තරගය අවම වශයෙන් නවසීලන්ත වේලාවෙන් ප.ව. 7.02 ට පෙර ආරම්භ කළ යුතු වුවත් දිග්න් දිගටම වර්ෂාව පැවැතීම නිසා තරගය ප.ව. 4.25 ට අත හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය අතහැර දැමීමත් සමඟ දෙපිළම අතර ප්‍රසාද ලකුණු බෙදී ගීයහ. එබැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු තව දුරටත් බිඳ වැටිණ. නවතම යාවත්කාලීනයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඉළ ගොස් සිටියද 9 වැනි ස්ථානයේ රැදී සිටියි.

තවත් දින 3 කට පසු ආරම්භ වීමට නියමිත තෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 9 වැනි තැනට ඇද දැමීමට අවස්ථාව උදාවන අතර එහිදී නවසීලන්තය සහ නෙදර්ලන්තය ඉදිරි තරග වලදී දක්වනු ලබන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන තීරණය වනු ඇත.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

Active filters

Recent Posts

  • අවිශ්ක – කමිල් ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93ක දැවැන්ත ජයක්
    ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 13 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් පරාජය කරමින් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති […]
  • උපාලි ධර්මදාස මහතාගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශෝකය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ක්‍රිකට් පරිපාලනය තුළ දශක ගණනාවක් පුරා […]
  • ඉනෝකා රණවීරගෙන් එක්දින කඩුලු ශතකයක්
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක් පුරා විශ්වාසනීයම පන්දු යවන්නියක ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායක වූ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • කමිඳුගේ හොඳම ඉනිම කොළඹට ජය ගෙනෙයි
    නායක කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට ලකුණු 88ක ඉනිම හේතුවෙන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කලම්බු කැප්ස් කණ්ඩායම, පවන් රත්නායකගේ අර්ධ ශතකය නොතකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගයෙන් […]
  • කැන්ඩි රෝයල්ස්ට ලකුණු 11ක තියුණු ජයක්
    චාමික කරුණාරත්න සහ දසුන් ශානක අවසන් මොහොත දක්වා සටන් කළද, නුවන් තුෂාරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කැන්ඩි රෝයල්ස් පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්විඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට […]

Pin It on Pinterest

USD United States (US) dollar