slc
logo
Home   |    News
ජූලි 26, 2026
ඉනෝකා රණවීරගෙන් එක්දින කඩුලු ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක් පුරා විශ්වාසනීයම පන්දු යවන්නියක ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායක වූ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩිකාව බවට පත්වෙමින් සිය ජාත්‍යන්තර දිවියේ තවත් ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කළාය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුල්ලක් දවාගනිමින් මෙම සුවිශේෂී ජයග්‍රහණයට හිමිකම් කී ඉනෝකාට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර පිටියේ කඩුලු 100 සීමාව පසුකර තිබුණේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන පමණි.

2012 වසරේ ජාත්‍යන්තර වරම් දිනාගත් ඉනෝකා, ඉන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පන්දු යැවීමේ ප්‍රධානතම අවියක් බවට පත්වූවාය. සිය නිවැරදි වමත් දඟ පන්දු යැවීමෙන් ප්‍රතිවාදී පිතිකරුවන් අසීරුතාවට පත් කළ ඇය, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ රැසකම ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියාය.

පන්දු යවන්නියක ලෙස පමණක් නොව, නායිකාවක ලෙසද කණ්ඩායමට නායකත්වය ලබාදුන් ඉනෝකා, 2017 වසරේ ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ අතර, ඊට පෙර එම වසරේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ද ශ්‍රී ලංකා පිල මෙහෙයවූවාය.

ඉනෝකාගේ නම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයට එක්වූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ 2015 වසරේ නවසීලන්තයට එරෙහි එක්දින තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ පළමු එක්දින හැට්ට්්‍රික් ක්‍රීඩිකාව බවට පත්වීමයි. එම දස්කමත් සමඟ වාර්තා රැසක් අතරට එක් වූ ඇය, අද වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම දඟ පන්දු යවන්නියන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන සිටී.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee