slc
Home   |    News
මාර්තු 20, 2023
විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා අද (20 දා) අළුයම නවසීලන්තය බලා ගිය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනා සමඟ කණ්ඩම්බි ද පිටත්ව ගියේය.

මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා මෙහෙයවන ලද්දේ කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ බැවින් ඔහු මෙරට දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන පුහුණුකරුවකු ලෙස නමක් දිනා සිටියි. එල්.පී.එල්. තරගාවලියට අමතරව පළමු වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් කිරුළද කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කණ්ඩායමට ලබාදීමට සමත්විය.

“මම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වෙන්නේ විශේෂඥ පුහුණුකරුවකු හැටියටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලසුමක් (HPC) තියෙනවා පුහුණුකරුවන්ව තවදුරටත් සංවර්ධනය කරන්න. ඉතිං ඒක හින්දා මේක මට ලැබුණු අවස්තාවක්. ඉතිං මේ සංචාරයේදී මම බලාපොරොත්තු වෙනවා මගේ තියෙන දැනුම ලබා දෙන්නට වගේම සහ තව මගේ දැනුම වර්ධනය කරගන්නටත්”, යනුවෙන් කණ්ඩම්බි සඳහන් කර සිටියේය.

දැනට නවසීලන්තයේ රැදී සිටින ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්දින තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින අතර ඉතිරි ක්‍රීඩකයින් අද අළුයම නවසීලන්තය බලා පිටත්විය. ඒ අතර නායක දසුන් ශානක, වනිඳු හසරංග, චරිත් අසලංක, සදීර සමරවික්‍රම,  ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, පැතුම් නිස්සංක සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඊට ඇතුළත් විය. විස්සයි-20 කණ්ඩායම සඳහා ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් කෲස්පුල්ලේ එක්දින තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක්වීමට නියමිතය.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අයත් තරගාවලියක් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුවම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට මාර්තු 25 වැනිදා සිට ආරම්භ වන මෙම එක්දින තරගාවලියේ තරග 3 ම ජය ගැනීම අනිවාර්යය වනු ඇත.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest