slc
logo
Home   |    News
මාර්තු 20, 2023
ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

sinhala editor

දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා දෙවැනි ඉනිමේදීත් ලකුනු 416 ක් පිටුපසින් සිට නැවතත් දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලු ලකුණු සංඛ්‍යාව 538 ක්ව තිබියදී නවතාලීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ඉදිරි පෙළින් පැමිණි පිතිකරුවන් 8 දෙනාම 123 වැනි පන්දුවාරය වන විටම දැවී යෑම නිසා ඉතිරි කඩුලු 3 ම තේ පානයට පෙර දවා ගනිමින් තරගය නිමා කිරීම නවසීලන්ත පන්දු යවන්නන්ගේ අදහස විය. එහෙත් ඊට කසුන් රජිත හරස් විය. පවුරක් මෙන් සිය අන්තය ආරක්ෂා කරගත් කසුන් ළහිරු කුමාර සමඟ එක්ව හැකිතාක් කාලයක් කඩුල්ල ආරක්ෂා කරගත්තේ තරගය පස්වැනි දිනයටත් රැගෙන යෑමේ අදහසිනි. පසුවෙන් පරාජය භාර නොගන්නා ක්‍රීඩකයකු ලෙසින් ප්‍රකට කසුන්, ලබා ගත්තේ ලකුණු 20 ක් පමණක් වුවත්, ඔහු පැය 3 කට ආසන්න කාලයක් (මිනිත්තු 148) කඩුල්ල ආරක්ෂා කරගත්තේ පන්දු 110 කට මුහුණ දෙමිනි. ඔහු මුහුණ දුන් පන්දු සංඛ්‍යාව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි වන්නේ ධනංජය ද සිල්වා (පන්දු 185) ට පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් බලාපොරොත්තුව බවට පත් වුණු ධනංජය ද සිල්වා ශතකය පෙනී පෙනී දැවී යෑම නිසා ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු විය. පන්දු 185 කට මුහුණ දුන් දකුණත් පිතකිරුවා ශතකය පෙනී පෙනී ලකුණු 98 කට දැවී ගියේය. එම දැවී යෑමේදී ඔහු මුහුණ දුන් පන්දුව ඉතාමත් දුර්වල පන්දුවක් වූයෙන් එම දැවී යෑම ගණගාටුව දෙගුණ තෙගුණ කරවන්නක් විය.

මිනිත්තු 257 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා අද දිනයේදී ටෙස්ට් ලකුණු 3000 සීමාව ඉක්මවා ලීම කැපී පෙනිණ. මුහුණ දුන් පන්දු 185 න් 12 ක් හතරේ පහර බවට පරිවර්තනය කරගත් ධනංජය තව ලකුණු 2 ක් ලබා ගත්තේ නම් ඔහුට සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට තිබිණ.

පෙර දිනයේ ලකුණු 50 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් අද දීනයේ දැවී ගියේ එක් ලකුණක් හෝ ලබා ගැනීමට මත්තෙනි. එම දැවී යෑමෙන් පසු පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත පන්දු යවන්නන්ට මුහුණ දීමට යම් අසීරුතාවක් දැක්වීමද විශේෂත්වයක් විය. පැයකට ආසන්න කාලයක් තිස්සේ කඩුල්ලේ රැඳී සිටි පරිණත පිතිකරුවා ඒ අතරතුර කාලයේදී මුහුණ දුන් පන්දු 44 ටම ලබා ගත්තේ ලකුණු 02 කි.

තික්නර් සහ හෙන්රිගේ පන්දු හමුවේ කුසල් සහ මැතිව් දැවී යෑමත් සමඟ ලකුණු 113 කට කඩුලු 2 ක්ව සටහන් ව තිබූ ලකුණු පුවරුව එක වරම ලකුනු 116 ට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්වූහ.

පන්දු 92 කදී ලකුණු 62 ක් රැස් කළ චන්දිමාල් දැවී යෑමෙන් පසු ධනංජයට එක් වුණු කෝඩුකාර නිශාන්මදුශ්ක 6 වැනි කඩුල්ලට ලකුණු 76 ක් එක් කිරීමට දායකත්වය දැක්වීය. පිට ඉන්නෙන් වඩාත් ඈතට ඇදී  යන පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යෑමේදී මදුශ්ක සිය වටිනා ඉනිම ලකුනු 39 කදී නිමාවට පත් කර ගත්තේය.

තරගයේ වීරයා  – හෙන්රි නිකොලස්

තරගාවලියේ වීරයා – කේන් විලියම්සන්

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 123 කදී කඩුලු 4ට ලකුණු 580 යි – (කේන් විලියම්සන් 215, හෙන්රි නිකොලස් 200*, ටොම් ලේතම් 21, ඩෙවෝන් කොන්වේ 78, ඩැරල් මිචෙල් 17, ටොම් බ්ලන්ඩල් 17, කසුන් රාජිත 126/2, ධනංජය ද සිල්වා 75/1, ප්‍රභාත් ජයසූරිය 86/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.5 කදී ලකුණු 164 යි – (දිමුත් කරුණාරත්න 89, දිනේෂ් චන්දිමාල් 34, නිශාන් මදුශංක 19, මයිකල් බ්‍රේස්වෙල් 50/3, ඩග්ලස් බ්‍රේස්වෙල් 19/2, මැතිව් හේනරි 44/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 142 කදීසියලු දෙනා දැවී ලකුණු 358 යි – (ධනංජය ද සිල්වා 98, දිමුත් කරුණාරත්න 51, කුසල් මෙන්ඩිස් 50, දිනේෂ් චන්දිමාල් 62, නිශාන් මදුශ්ක 39, කසුන් රජිත 20, ටිම් සවුති 51/3, බ්ලෙයාර් තික්නර් 84/3, මයිකල් බ්‍රේස්වෙල් 100/2)

 

 

 

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee