slc
logo
Home   |    News
මාර්තු 14, 2023
සධීරගේ සටන්කාමී ශතකයෙන් ජැෆ්නා පිලට කඩුලු 3ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජැෆ්නා පිලේ සධීර සමරවික්‍රම නොදැවී වාර්තා කළ ලකුණු 101 සමග කැන්ඩි පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් සිය දෙවැනි ජයග්‍රහණය ජැෆ්නා පිල අද දිනයේ සටහන් කළේය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා කැන්ඩි අතර තරගයේ සියලු වාසි ජැෆ්නා පිල සතු වූ අතර අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි සධීර සමරවික්‍රම පන්දු 113කදී හතරේ පහර 7ක් සමග මෙම ශතකය වාර්තා කළේය. සධීර සමරවික්‍රම මෙම තරගාවලියේ පළමු තරගයේදී ගෝල් පිලට එරෙහිව ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ හෙයින් දැනට තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු බවට ද පත්ව සිටී.

කාසියේ වාසිය දිනාගත් සහන් ආරච්චි පෙරටුකොට ගත් කැන්ඩි පිල මුලින් පන්දුවට පහරදුන් අතර, ඔවූහූ ඕවර් 49.3කදී ලපකුනු 227කට දැවී ගියහ. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ක්‍රීඩකයෝ ඕවර් 48.4කදී කඩුලු 7කට ලකුණු 230ක් ලබා ජය තහවුරු කර ගත්තේය. සධීර සමරවික්‍රම ශතකයක් ලබා ගනිද්දී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 21ක් ලබා ගත් අතර, ඉදිරි පෙළ හා මැද පෙළ අනෙක් පිතිකරුවන් ලකුණු අතර නොසිටියහ. එහෙත් රවිදු ප්‍රනාන්දු ලකුණු 20කින් හා දිලුම් සුධීර නොදැවී ලකුණු 31කින් ජැෆ්නා ඉනිම ශක්තිමත් කළහ.

කැන්ඩි පිල වෙනුවෙන් වැඩිම ලකුණු සහන් ආරච්චිගේ වාර්තා කළ අතර ඔහු පන්දු 77කදී හතරේ පහරක් සමග ලකුණු 40ක් වාර්තා කළේය. ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ලකුණු 31ක් හා ළහිරු උදාර ලකුණු 36ක් ලැබූහ. බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් හා නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

කැන්ඩි – සියඵ දෙනා දැවී ලකුණු 227යි (ඕවර් 49.3) ලසිත් කෘස්පුල්ලේ 31, පැතුම් නිශ්ශංක 12, තනුක දාබරේ 24, සදුන් වීරක්කොඩි 16, ළහිරු උදාර 36, සහන් ආරච්චිගේ 40, අහන් වික්‍රමසිංහ 23, පුලින තරංග 15, බිනුර ප්‍රනාන්දු 29/2, ප්‍රමෝද් මධුෂාන් 34/2, නවෝද් පරණවිතාන 41/2, දිලුම් සුධීර 39/4

ජැෆ්නා – සියළු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 48.4)නවෝද් පරණවිතාන 21, සධීර සමරවික්‍රම නොදැවී 101, කසුන් අබේරත්න 12, ජනිත් ලියනගේ 11, රවිදු ප්‍රනාන්දු 20, දිලුම් සුධීර නොදැවී 31, නිපුන් රන්දික 40/1, සහන් ආරච්චිගේ 29/1, මතීෂ පතිරණ 41/1, තනුක දාබරේ 23/3, පුලින තරංග 42/1

තරග තීරක වෙන්ඩ්ල් ලැබ්‍රෝයි මහතා අතින් සදීර සමරවික්‍රම තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්.

 

 

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest