slc
logo
Home   |    News
මාර්තු 9, 2023
කොළ පැහැති තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ළහිරු කුමාරව කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණව සිටියි. ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ක්‍රීඩාංගණයේ අද (09 දා) ආරම්භ වුණු මෙම ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටිම් සවුති කොළ පැහැති තණතීරුවේදී පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට අභියෝග කර සිටියේය.

බලාපොරොත්තු වූ ලෙසින්ම නවසීලන්ත කණ්ඩායම මෙම තරගයට වේග පන්දු යවන්නන් සිව්දෙනකු සමඟින් අවතීර්ණව සිටින අතර ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟ පන්දු යවන්නකු සමග අවතීර්ණව සිටිති. ප්‍රභාත් ජයසූරිය ‌කණ්ඩායමට නම් කර සිටින එකම දඟ පන්දු යවන්නා වේ.

තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට පිවිස සිටින ළහිරු කුමාර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ මාර්තු මස ඉන්දියාවට එරෙහිව මොහාලිහිදී පැවැති ටෙස්ට් තරගයට වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 24 කට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නා කඩුලුලක් දවා ගැනීමේ සාමාන්‍ය 38.48 ක් රදවා ගනිමින් කඩුලු 70 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේය.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකා පිලට අනිවාර්යය වනවා සේම, අද අහමදාබාද්හි ආරම්භ වන ඉන්දු – ඔස්ට්‍රේලියා තරගයේ ජය ඔස්ට්‍රේලියාව අත්කරගත යුතු හෝ එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය යුතු වේ. එසේ වුවහොත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට අවස්තාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා පිල – ඔෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රජිත, ප්‍රභාත් නිස්සංක, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර.

නවසීලන්ත පිල – ටොම් ලේතම්, ඩෙවෝන් කොන්වේ, කේන් විලියම්සන්, හෙන්රි නිකල්ස්, ඩැරල් මිචෙල්, ටොම් බ්ලන්ඩෙල්, මයිකල් බ්‍රේස්වෙල්, ‌ටිම් සවුති (නායක), මැට් හෙන්රි, නීල් වැග්නර්, බ්ලෙයාර් තික්නර්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar