slc
logo
Home   |    News
මාර්තු 30, 2023
ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් සේදී යෑම නිසාත් ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේ ජය අතිශයින්ම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පැමිණෙන්නේ 0-1 ක් ලෙස තරගාවලිය පසුපසන් සිටිමිනි. දෙවැනි එක්දින තරගය එකම පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා එම තරගයේදී දෙපිළටම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමි වුවත්, පළමු තරගයේදී නියමිත වේලාවට පෙර පන්දුවාර සංඛ්‍යාව යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත්වීම නිසා එක් ප්‍රසාද ලකුණක් අහිමිව තිබේ. ඒ අනුව මේ වන විට ලෝක කුසලාන සුපර් ලීග් තරග වටයේ ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 81 ක් ලෙසින් සටහන් වේ.

කෙසේ වෙතත් හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදා වුවහොත් තවත් ප්‍රසාද ලකුණු 10 ක් එක් කර ගත හැකි වනු ඇත. එසේ වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 91 දක්වා ඉහළ යන අතර එය ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම සදහා යළිත් බලාපොරොත්තු රඳවන්නක් බවට පත් වනවා සේම දකුණු අප්‍රිකානු පිලට කිසියම් අභියෝගයක් ගෙනදෙනු ඇත.

ඒ සියල්ල රදා පවතිනුයේ ශ්‍රී ලංකාව හෙට දිනයේදී ජය වාර්තා කර ගත හොත් පමණි. හැමිල්ටන් තණතීරුවේ සත්කාරකයින්ගේ ඉතිහාසය ගෙන බැලීමේදී 2014 වසරේ සිට මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 12 න් අවස්ථා 10 කදීම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත පිල සමත්ව සිටියි.

තරගය පැවැත්වෙන සෙඩ්න් පාර්ක් තණතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් ලබාදෙන තණතීරුවක් ලෙසින් සැලකෙන අතර එහිදී මුල් පැය කීපය පිතිකරුවන්ට අතිශය අභියෝගාත්මක කාල සීමාවකි. මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති තරග 52 න් පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම අවස්ථා 27 කදී ජය වාර්තා කරගෙන තිබේ.

පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම ලබාගනු ලබන ලකුණු සාමාන්‍ය 234 ක් වශයෙන් සටහන් වුවත්, මෙහි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හිමිකම් කියයි. ඒ 2014 වසරේදී කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 350 වේ.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee