slc
logo
Home   |    News
මාර්තු 8, 2023
ටෙස්ට් ශූරතා අවසන් සටනට එන ශ්‍රී ලංකා පළමු කඩඉම

sinhala editor

BY CHAMILA KARAWITA

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක ටෙස්ට් තරගාවලිය බවට පත්ව තිබෙන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය හෙට (09 දා) ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගය සඳහා මේ වන විටත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලබා සිටින නමුත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තේරීම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සටනක් නිර්මාණය වී තිබේ. ඒ අනුව මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට නම් නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග 2 ම ජය ගත යුතු වීම අනිවාර්ය වන අතරම ‌පළමු ටෙස්ට් තරගය ආරම්භ වන දිනයේදීම අහමදාබාද්හි ආරම්භ වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය ඔස්ඓ්‍ර්ලියානු පිල ජය ගැනීම හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගත යුතුවීමද අනිවාර්යය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී මුහුණ දෙනු ලබන ප්‍රධානම ගැටලුව වන්නේ තමන්ට නුහුරු නුපුරුදු නවසීලන්තයේ පවතින වේගවත් තනතීරුවලදී සත්කාරක පිල පරාජයට  පත් කිරීමය. ශ්‍රී ලංකා කණ්ඩයම මේ දක්වා නවසීලන්තයට ගොස් තරග කිරීමේදී එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කර නොමැත. ‌1983 වසර දක්වා දෙරට අතර විහිදී තිබෙන ටෙස්ට් තරග ඉතිහාසයේදී ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව ඇත්තේ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ 1995 දී පැවැති තරගාවලිය වේ. තරග 2 කින් සමන්විත එම තරගාවවලිය ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ 1-0 ක් ලෙසිනි.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටින්නේ අනෙක් තරගාවලිවල සිදුවන දේ තම කණ්ඩායමට පාලනය කළ නොහැකි නමුත්, හැම දෙනාගේම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට වන බවයි.

“අපි හැමෝගෙම බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න. ඒ වුණත් අනෙක් තරගාවලිවල සිද්ධ වන දේ අපිට පාලනය කරන්න බෑ”. අපිට පාලනය කරන්න පුලුවන් අපි ඉදිරියේ තියෙන දේ විතරයි. ඒ නිසා තරග දෙක ගැන හිතන්න කලින් තියෙන පළමු තරගය අපි දිනාගන්න ඔ්න. ඒ වෙනුවෙන් කරන්න ඔ්නද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ”’ යැයි දිමුත් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකට පිවිසෙන්නේ මාස 9 කට ආසන් කාලයකින් පසුවය. එහෙත් මෙම ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගෙනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැෂනල් සුපර් ලීග් සිවුදින තරගාවලිය පැවැත්වීමට කටයුතු යෙදු හෙයින් කන්ඩායමේ වැඩි පිරිසක් නවසිලන්තයට ගොස් සිටින්නේ ටෙස්ට් තරගයක් සදහා වඩාත් උචිත පුහුණුවක් ලබා ගැනීමෙන් පසුවය. ඊට අමතරව මුහුදු මට්ටමේ සිට මීටර 1400 කට ආසන්න උසකින් යුතු නවසිලන්ත දේශගුණිත තත්ත්වයන්ට වඩාත් ගැලපෙන රදැල්ල ක්‍රීඩාංගනයේදි දින 7  ක පුහුණු සැසියකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට ගියේ වඩාත් හොඳ පෙර සූදානමකිනි.

ඔහු සුභදායි සලකුණක් ලෙසින්ද හෙට තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදි දෙදින පුහුනු තරගය සදහන් කළ හැක. දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් අත හැර දැමුව ද පළමු දිනයේදී සාර්ථක පිතිහරඹයක නියැළීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඒ අතරින් කුසල් මෙන්ඩිස් ලකුනු 95 ක් සහ ඔ්ෂද ප්‍රනාන්දු ලකුණු 78 ක් වශයෙන් පිතිකරුවන් අතර කැපී පෙනිණ.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට වැඩි බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් පළමු ඉනිමේදී දක්ෂතා අතරට පැමිණීම අනිවාර්යය වේ. කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් 7 දෙනාගෙන් අවම තරමින් පිතිකරුවන් තිදෙනෙකු හෝ විශාල ලකුණු කරා යමින් අවම වශයෙන් පළමු ඉනිම පන්දුවාර 120 කට වඩා පන්දුවට පහර දීමට සමත් වුවහොත් ප්‍රතිවාදීන්ව දැඩි අභියෝගයක් ලක් කිරීමේ හැකියාව පහසුවෙන් උදාවනු ඇත. එසේ නොකළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාලනය නවසීලන්තය වෙත නතුවීම වළකා ලිය නොහැක.

ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවකු ලෙස නිශාන් මදුශ්ක ඇතුළත්ව සිටියද හෙට තරගයේ ඉනිම ආරම්භය ඔෂධ ප්‍රනාන්දු විසින් සිදුකරනු ඇත. නවසීලන්ත තනතීරුවල ස්වභාවය නවක ක්‍රීඩකයකු වන මදුශ්කට එතරම් සුභදායී නොවන හෙයින් එම අවධානම ශ්‍රී ලංකා කලමනාකාරීත්වය නොගනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් නවසීලන්තයේ ඇති හොඳම පිතිකරණ වාර්තාවට හිමිකම් කියන්නේ ඇන්ජලෝ මැතිවිස්ය. හේ  අවසන් වරට පැවැති තරගාවලියේදී 83, 120*, 33* සහ 22* වශයෙන් ලකුණු ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනිමේ සාමාන්‍ය 55.88 ක් රඳවා තබිමිනි. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශේෂඥ ටෙස්ට් පිතිකරුවා වන්නේද මැතිව්ස් වන අතර හෙට දිනයේදී ඔහු ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකාවට සැනසිල්ලකට හේතු වනු ඇත.

වේග පන්දුවට උචිතව හැසිරෙන හෙග්ලි තණතීරුවේදී ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තයද ප්‍රධාන වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු සමඟින් අවතීර්ණ වීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. නායක ටිම් සවුති, නීල් වැග්නර්, මැට් හෙන්රි සහ බ්ලෙයාර් තික්නර් හෙට තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින වේග පන්දුයවන්නෝ වෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල බොහෝ විට වේග පන්දු යවන්නන් තිදෙනකු සහ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස ප්‍රභාත් නිස්සංක සමඟින් අවතීර්ණවීමට සැලසුම් කරද්දී පිට දඟ පන්දු යවන්නාගේ වගකීම ධනංජය ද සිල්වාගෙන් ඉටු කර ගැනීමේ වැඩි ඉඩ කඩක් පවතියි.

වේග පන්දු යවන්නන් ලෙසින් කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු පළමු කැමැත්ත හිමි වේග පන්දු යවන්නන් බවට පත් වද්දී අසිත හෝ ළහිරු දෙදෙනාගෙන් අයෙකු හෙට තරගයට ක්‍රීඩා කරනු ඇත. මෙතෙක් කලක් සහභාගිවුණු ටෙස්ට් තරග වලදී ළහිරු කුමාර ආබාධයන් වලට ලක්වීම සුළභ කරුණක් බවට පත්ව තිබෙන හෙයින් තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් අසිත ප්‍රනාන්දුව එක් කර ගැනමට ඇත්තේ වැඩි ඉඩ කඩකි.

ශ්‍රී ලංකා XI – 1 ඔෂධ ප්‍රනාන්දු, 2. දිමුත් කරුණාරත්න, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. නිරෝෂන් දික්වැල්ල, 8. විශ්ව ප්‍රනාන්දු, 9. කසුන් රිත, 10. ප්‍රබාත් ජයසූරිය, 11. අසිත ප්‍රනාන්දු.

නවසීලන්ත XI – 1 ටොම් ලේතම්, 2. ඩෙවෝන් කොන්වේ, 3. කේන් විලියම්සන්, 4. හෙන්රි නිකොල්ස්, 5. ඩැරල් මිචෙල්, 6. ටොම් බ්ලන්ඩල්, 7. මයිකල් බ්‍රේස්වෙල්, 8. ටිම් සවුති (නායක), 9. මැට් හෙන්රි, 10. නීල් වැග්නර්, 11. බ්ලෙයාර් තික්නර්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest