slc
logo
Home   |    News
මාර්තු 27, 2023
දිනුරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අබුඩාබිහි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු බංග්ලාදේශයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් විඳිය.

මාර්තු 26 වැනිදා පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 48 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 215 ක් රැස් කර නමුත් එය හඹා යෑමේදී බංග්ලාදේශ පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 35 ක් ඇතුළත දැවී ගීයේ 7 වැනි  පන්දුවාරය අවසන් වීමට මත්තෙනි. හිරුන් කපුරුබණ්ඩාර (10, සිනෙත් ජයවර්ධන (04), විශේන් හැළඹගේ (07) සහ නායක ෂෙවෝන් ඩැනියල් (0) ඒ අතර වූහ. ඩැනියල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යෑම ශ්‍රී ලංකා පිලට ප්‍රබල පහරක් විය.

විශ්ව ළහිරුත් මුලු ලකුණු සංඛ්‍යාව 61 ක්ව තිබියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසරණ භාවයට පත් කරමිනි. එම කඩුල්ල වෙනූවෙන් ලකුණු 26 ක් එක් වුවත් ළහිරුගේ දායකත්වය ලකුණු 02 කි. අනතුරුව දිනුරට එක් වුණු කණ්ඩායමේ කඩුලු රකින්නා වූ හිරාන් ජයසුන්දර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක් කිරීමට දායකත්වය දැක්වූහ.

කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව හැඩ ගැසුණු දකුණත් පිතිකරුවා පන්දු 63 කදී ලකුණු 35 ක් එක් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 82 කට මුහුණ දුන් දිනුර අර්ධ ශතකය පෙනී පෙනී ලකුණු 49 කට දැවී ගියේය.

කෙසේ වෙතත් පසුපෙළින් පැමිණි විශ්ව රාජපක්ෂ (25), මල්ෂ තරුපති (46)  වේග‌යෙන් පන්දුවට පහර දෙමින් ලකුණු අතරට පැමිණි නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව ඉක්මවා ලීමට අවස්ථාව උදාවිය. ප1වේගකාරී ඉනිමක් දියත් කළ මල්ෂ තරුපති තම ලකුණු 46 සදහා පන්දු 37 කට මුහුණ දුන්නේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා ගනිමිනි.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක ස්ථාවරත්වයක් එක් කිරීමට බංග්ලාදේශ ආරම්භක පිතකිරුවෝ සමත්වූහ. ඒ අතරින් ඉවක් බවක් නැතිව පන්දුවට පහර දුන් ජිෂාන් අලාම් දිනුර කලුපහනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී කළ හැකි උපරිම පාඩුව සිදුකර තිබුණි. පන්දු 32 කට මුහුණ දුන් අලාම් හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස් කළේ ඒ වන විට ලකුණු පුවරුව ලකුණු 66 ක්ව සටහන්ව තිබියදීය.

නැවතත් ක්‍රියාත්මක වූ කනුපහන ශරියර් සකීබ් ව දවා ගත්තද අනතුරුව පැමිණි පිතිකරුවන් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නගමින් බංග්ලාදේශ පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කිරීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහාය ලබා ගත්තද එය නිෂ්ඵල කටයුත්තක් විය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48 කදී ලකුණු 215 යි – (දිනුර කලුපහන 49, හිරුන් කපුරුබණ්ඩාර 10, හිරාන් ජයසුන්දර 35, විශ්ව රාජපක්ෂ 25, මල්ෂ තරුපති 46, මරු‌ෆ මිධා 40/3, රොහාන්ත් බෝර්සන් 51/3, ටන්වීර් අහමඩ් 41/2)

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 47.5 කදී කඩුලු 5 ට ලකුණු 217 යි – (ජිෂාන් අලාම් 62, අශිඛර් රහ්මාන් 30, අරිෆුල් ඉස්ලාම් 22, අහරාර් අමින් 44*, ශිහාබ් ජේම්ස් 26, මෆුසුර් ‌රාහ්මන් 21*, දිනුර කලුපහන 41/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee