slc
logo
Home   |    News
මාර්තු 17, 2023
නවසීලන්ත පිතිකරුවෝ දිගු ඉනිමකට අඩිතාලම දමති

sinhala editor

වෙළිංටන්හිදී අද (17 දා)  ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 152 ක් ලබා දිගු ඉනිමකට අඩිතාලම එක් කිරීමට සමත්ව සිටියේය. ප.ව. 2.10 දක්වා වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමා වුණු අද දිනයේදී පන්දුවාර 48  කට පමණක් සීමා වූයේ  පන්දුවාර 42 ක් දිනයට අහිමි කරමිනි.

උදෑසන සිට දිවා ආහාරය දක්වා කාලය වර්ෂාව  හේතුවෙන් සම්පූර්ණයෙන්ම තරඟයට අහිමිව ගිය අතර තේ පානය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම පන්දු වාර  32කට මුහුණ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 109ක් රැස්කරගෙන සිටියේය.

තේ පානයෙන් අනතුරුව කාල සීමාව තුළද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රියාත්මක කළ හැකි වූයේ තවත් පන්දු වාර 16ක් පමණක් වූ අතර මන්දා ලෝක තත්ත්වය මත විනිසුරුවරුන් විසින් තරගය නිමා කරන ලදී. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව  පළමුව පන්දුවට පහර දීම සදහා ටිම් සවුති ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාව මෙම තරඟයේ දී පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ නවක ක්‍රීඩක නිශාන් මධුශ්ක ට ශ්‍රී ලංකා ටෙස්ට්  හිස් වැස්ම මෙන්ම කඩුලු රැකීමේ ආවරණ ද පිරී පිරිනමමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග වරම් ලබාගත් 163 වෙනි ක්‍රීඩකයා ලෙස නිශාන් මදුෂ්ක ඉතිහාසයට එක්වූ අතර ජේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අතින් මදුශ්ක කට ශ්‍රී ලංකා ටෙස්ට්  හිස්වැස්ම පිරිනමන ලදී.

ශ්‍රී ලංකා නායකයාගේ  ආරාධනයෙන් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවෝ ඉතා පහසුවෙන් ලකුණු ලබා ගත් අතර පසුගිය තරගය පැවති ක්‍රයිස්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ තණතීරුව ටද වඩා  මෙම තණතීරුව කොළ පැහැති සෙයක් දිස් වුණි.

එහෙත් එම තණතීරුවේ වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පන්දුවාර 25 කට වඩා පන්දු යවන්නට සිදු  වූ අතර තරඟයේ 26 වන පන්දු වාරයේ පළමු පන්දුවේදී නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් වූයේය.

කසුන් රාජිත විසින් මැද කෙටී එවන ලද පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට ගිය ටොම් ලේතම් සිය කඩුල්ල පූජා කරමින් ලකුණු විසි එකකට දැවී ගිය අතර ලේතම් එල්ල කළ එම පහර ඩීෆ් ස්ක්වයාර් ලෙග් හි සිටි ප්‍රභාත් ජයසූරිය විසින්  උඩපන්දුවක් ලෙස රැක ගන්නා ලදී.

ලේතම් ඊයේ සිය ඉනිම තුළ පන්දු 73කට මුහුණ දී තිබුණු අතර ඉතා සංයමයෙන් පිත්ත හැසිරවූ ඔහු එහිදී ලබාගෙන තිබුණේ ලකුණු 21ක් පමණි.

ලේතම් ට වඩා ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ඔහුගේ සහයක ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ පන්දු 69කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 83ක්  ලෙස දිස් වූයේය. සිය අර්ධ ශතකය සඳහා හතරේ පහර 8ක් ඇතුළත් කළ කොන්වේ දැවී යන විට රැස් කරගෙන තිබුණු ලකුණු සංඛ්‍යාව 78කි.

කොන්වේ ඊයෙ තරඟයේ දී මුහුණ දුන් 108 වැනි පන්දුවේදී දැවී ගිය අතර ධනංජය ද සිල්වා ගේ එම පන්දුවට ඉදිරියට පැන එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස පන්දු යැවූ ධනංජය ද සිල්වා විසින්ම ඉදිරියට පැන රැක ගන්නා ලදී. හතරේ පහර 13 කින් සමන්විත වූ කොන්වේ ගේ ඉනිම එසේ නිමා වීමෙන් පසුව වමත් පිතිකරු හෙන්රි නිකොලොස් කේන් විලියම්සන්  සමග පිටියේ එක්වූහ.

තරගය නතර කරන විට කේන් විලියම්සන් නොදැවී ලකුණු 26ක් ද හෙන්රි නිකොලස් නොදැවී ලකුණු 18ක් ද රැස් කරගෙන සිටියහ.

කෙසේ  වෙතත් නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 133 දී හෙන්රි  නිකොලොස් විසින් ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක නිශාන් මදුශ්ක කට රැක ගැනීමට නොහැකි වූ අතර නිකොලොස් ගේ ඉනිම  නිමා වනවා වෙනුවට  එම පන්දුව නතර වූයේ හතරේ සීමාව ද ඉක්මවා යමිනි.

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 48 කදී කඩුලු 2 කට ලකුණු 155 යි – (ඩෙවෝන් කෝන්වේ 78, ටොම් ලේතම් 21, කේන් විලියම්සන් 26*, හෙන්රි ලිකොල්ස් 18*, ධනංජය ද සිල්වා 18/1, කසුන් රාජිත 42/1

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar