slc
logo
Home   |    News
මාර්තු 12, 2023
මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

sinhala editor

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල්  පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන් දිනය වන විට අද (12 දා) තරගය  කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී ඇත්තේ සත්කාරකයින්ට ජයග්‍රහණයට ලකුණු 257 ක්ද සංචාරකයින්ට කඩුලු 9 ක්ද දවාගත යුතුවන තත්ත්වයක් උදාව තිබෙන බැවිනි.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඔවුන්ගෙ ප්‍රතිවාදී නවසීලන්ත පිතිකරුවන්  දවා ගැනීම සඳහා පන්දුවාර අනූවක් හෝ ඇතැම් ඇතැම් විට ඊටත් වඩා ඉතිරිව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම අද (12 වැනිදා ) දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියි.

<span;>නවසීලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල විය හැකි යැයි  අපේක්ෂා කළ හැකි හිටපු නායක කේන් විලියම්සන්  සහ ආරම්භක පිතිකරු ටොම් ලේතම් ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

නවසීලන්ත කණ්ඩායම මීට පෙර එරට තුළ දී වාර්තා කර ඇති හොඳම ජයග්‍රාහී ලකුණු හඹා යෑම වන්නේ වන්නේ පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 324ක් හඹා යෑමය.

නවසීලන්ත වේගපන්දු බල ඇණිය හමුවේ නැගී සිටි 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුවලට සිය ප්‍රහාරය දියත් කරමින් රැස් කරන ලද අගනා ශතකය ලකුණු 115 ක් දක්වා දික්වූ අතර මැට් හෙන්රි ගේ පන්දුවක් පිත්තේ ගෑවී ගොස් කඩුලු රකින්නා  ගේ දෑතේ  හිර නොවන්නට නවසීලන්තයට මීටත් වඩා ලොකු ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබිණි.

තෙවැනි දිනයේ දී ලකුණු 85කට කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා ඉනිම නතර කරන විට කණ්ඩායමේ ප්‍රබල බලාපොරොත්තු  ලෙස සිටි නායක දිමුත් කරුණාරත්න,ඕෂධ ප්‍රනාන්දු සහ පළමු  ඉනිමේ වැඩිම ලකුණු  ලාභියා වූ කුසල් මෙන්ඩිස් ද නැවත ක්‍රීඩාගාරය කරා ගොස් සිටියහ.

එහිදී නොදැවී ලකුණු විස්සක් ලබා සිටි මැතිව්ස් ඊයේ දිනයේ දී දිනේෂ් චන්දිමාල් සමග ශතක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කර ගෙන ඒමට සිය අත්දැකීම් සමුච්චය මැනවින් ප්‍රයෝජනයට ගත් හ.

දිනේෂ් චන්දිමාල් වටිනා ලකුණු 42ක් කණ්ඩායමට එකතු කළ අතර අනතුරුව මැතිව්ස් ශතකය කරා ගියේ ධනංජය ද සිල්වා අනෙක් අන්තයේ සිට ලබාදුන් සහය මතිනි.

තරගයේ 91 වැනි පන්දු වාරය ආරම්භ වන විට ශතකයට ලකුණු 05ක් මෙපිටින් සිටි මැතිව්ස් බ්ලෙයාර් තික්නර් ගේ එම පන්දු වාරයේ පළමු පන්දු දෙකටම අලංකාර  හතරේ පහර දෙකක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එම පන්දු වාරයේ 5 වැනි පන්දුවත් හතරේ සීමාවට ඇදී ගියේ මැතිව්ස් ගේ ෆුල් පහරේ ජවය ප්‍රතිවාදීන් ට පෙන්වමිනි.

මැතිව්ස් ගේ දැවී යාමෙන් පසුව අවසන් පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව කරා රැගෙන ගිය ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 47ක නොදැවුණු ඉනිමක් ලෙස සටහන් වූයේ මැට් හෙන්රි සහ ටිම් සවුති විසින් පසු පෙළ පිතිකරුවන් දඩයම් කිරීම හමුවේය.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා පළමු ඉනිම 355 (කුසල් මෙන්ඩිස් ලකුණු 87, දිමුත් කරුණාරත්න ලකුණු 50, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47, ධනංජය ද සිල්වා ලකුණු 46, දිනේෂ් චන්දිමාල් ලකුණු 39, ටිම් සවුති ලකුණු 64/5, මැට් හෙන්රි ලකුණු 80/4)

නවසීලන්ත කණ්ඩායම පළමු  ඉනිම ලකුණු 373 – (ඩැරල් මිචෙල්  102,මැට් හෙන්රි 72, ටොම් ලැතම් ලකුණු 67,නීල් වැග්නර් 27,  ලහිරු කුමාර ලකුණු 76/3, අසිත ප්‍රනාන්දු ලකුණු 85/04, කසුන් රාජිත ලකුණු 104/2)

නවසීලන්තය දෙවෙනි ඉනිම 28/1- (කසුන් රාජිත ලකුණු 05/ 1)

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar