slc
logo
Home   |    News
මාර්තු 20, 2023
විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා අද (20 දා) අළුයම නවසීලන්තය බලා ගිය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනා සමඟ කණ්ඩම්බි ද පිටත්ව ගියේය.

මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා මෙහෙයවන ලද්දේ කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ බැවින් ඔහු මෙරට දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන පුහුණුකරුවකු ලෙස නමක් දිනා සිටියි. එල්.පී.එල්. තරගාවලියට අමතරව පළමු වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් කිරුළද කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කණ්ඩායමට ලබාදීමට සමත්විය.

“මම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වෙන්නේ විශේෂඥ පුහුණුකරුවකු හැටියටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලසුමක් (HPC) තියෙනවා පුහුණුකරුවන්ව තවදුරටත් සංවර්ධනය කරන්න. ඉතිං ඒක හින්දා මේක මට ලැබුණු අවස්තාවක්. ඉතිං මේ සංචාරයේදී මම බලාපොරොත්තු වෙනවා මගේ තියෙන දැනුම ලබා දෙන්නට වගේම සහ තව මගේ දැනුම වර්ධනය කරගන්නටත්”, යනුවෙන් කණ්ඩම්බි සඳහන් කර සිටියේය.

දැනට නවසීලන්තයේ රැදී සිටින ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්දින තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින අතර ඉතිරි ක්‍රීඩකයින් අද අළුයම නවසීලන්තය බලා පිටත්විය. ඒ අතර නායක දසුන් ශානක, වනිඳු හසරංග, චරිත් අසලංක, සදීර සමරවික්‍රම,  ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, පැතුම් නිස්සංක සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඊට ඇතුළත් විය. විස්සයි-20 කණ්ඩායම සඳහා ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් කෲස්පුල්ලේ එක්දින තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක්වීමට නියමිතය.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අයත් තරගාවලියක් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමට සෘජුවම එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට මාර්තු 25 වැනිදා සිට ආරම්භ වන මෙම එක්දින තරගාවලියේ තරග 3 ම ජය ගැනීම අනිවාර්යය වනු ඇත.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee