slc
logo
Home   |    News
මාර්තු 21, 2023
දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නායක දිමුත් කරුනාරත්න සහ දිනේෂ් චන්දිමා ඇතුළත්ව සිටිති.

2021 වසරේ අගෝස්තු 04 වැනිදායින් ආරම්භ වුණු මෙවර ලෝක ශූරතා ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර මාර්තු 20 වැනිදායින් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය නිමාවට පත්වීමත් සමඟගය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දෙවැනි වතාවටත් පවත්වනු ලබන ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය ජුනි මස 07 වැනිදා ආරම්භ වන නමුත්, ඊට පෙර මෙතෙක් පෑවති තරගවලදී දක්ෂතා දක්වන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනාව නම් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි. ඒ අනුව 2021-2023 කාල වල ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම ලෙසින් මෙම කණ්ඩායම නම් කර තිබේ.

දිමුත් සහ චන්දිමාල්ට අමතරව ඔස්ට්‍රේලියාවෙනු ක්‍රීඩකයින් සිවු දෙනෙක්, ඉන්දියාවෙන් තිදෙනක් සහ එංගලන්තය, දකුණු අප්‍රිකාව යන රටවලින් එක් ක්‍රීඩකයකු මෙම කණ්ඩායම් නම් කනිරීමට විස්ඩන් සඟරාව පියවර ගෙන තිබේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය පැවැත්වෙන කාල සීමාවේදී ටෙස්ට් තරග 12 කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.90 ක් රඳවා ගනිමින් මුලු ලකුනු 1054 ක් රැස් කරගැනීමට සමත්ව සිටියි. වැඩිම ලකුණු 147 ක් ලෙසින් සටහන් වන එම වසරේදී දිමුත් ශතක 2 ක් සහ අර්ධ ශතක 8 ක් රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරග වාරය ඇතුළතදී ඉහළම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්ව සිටින දිමුත් ලොව සෙසු කණ්ඩායම් වල ආරම්භක පිතිකරුවන් අතරින් දෙවැනියට ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය හිමිව තිබේ.

මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ස්ථානය චන්දිමාල්ට වෙන්ව තිබේ. ගෙවී ගිය කාල සීමාවේදී ටෙස්ට් තරග 10 කට සහභාගිවී ඇති චන්දිමාල් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 68.42 ක් සමඟින් මුලු ලකුණු 958 ක් රැස් කරගෙන සිටින්නේ ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමගිනි.

අංක 4 ස්ථානය නම් කරද්දී බාබර් අසාම්, ස්ටීවන් ස්මිත් සහ ජෝ රූට්, චන්දිමාල්ගේ තරගකරුවන් බවට පත් වුවත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී වාර්තා කරන ලද ද්විත්ව ශතකයත් බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි වාර්තා කරන ලද ශතකයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් වූයෙන් එය විශේෂත්වයක් කොට සලකා එම ස්ථානය චන්දිමාල්ව තෝරා ගත් බව විස්ඩන් සඟරාව සඳහන් කර සිටියි.

ලෝක ටෙස්ට් කණ්ඩායම – උස්මාන් කවාජා, දිමුත් කරුණාරත්න, මානස් ලබුෂේන්ග්, දිනේෂ් චන්දිමාල්, ජොනී බෙයාර්ස්ටෝ, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, පැට් කමින්ස්, කාගිසෝ රාබඩා, නේතන් ලයන්, ජස්ප්‍රිට් බුම්රා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee