slc
Home   |    News
මාර්තු 28, 2023
LPL උණුුහුමඅගෝස්තු මාසයට එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනිනෙහි දින සංශෝධනයක් සිදුකරමින් ලබන ජූලි සහ අගෝස්තු මසවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ පැවැති අභිනව තරගාවලියේ සිට මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 ම පවත්වන ලද්දේ දෙසැම්බර් මසදීය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සිව්වැනි අදියරද ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වෙනු ඇත. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මෙවර තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

පෙර වසර වල පරිදිම මෙවරත් කණ්ඩායමක ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට දේශීය ක්‍රීඩකයින් 14 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

මෙවර තරගාවලිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. “ඉහළම ජාත්‍යන්තර දක්ෂතා ආකර්ශණය කර ගැනීමට ‌වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනදර්ශනයටත් හොඳින් ගැලපෙන නිසා මෙවර තරගාවලිය ජූලි සහ අගෝස්තු යන මාස වලදී පැවැත්වීමට අපි තීරණය කළා” යැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියි.

 

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest