slc
logo
Home   |    News
මාර්තු 17, 2023
නිශාන් මදුශ්කට ටෙස්ට් වරම්

sinhala editor

නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හි අද (17 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් මදුශ්ක සමත්විය. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද නිරෝෂන් දික්වැල්ල කඩුලු රැකීමෙන් මෙන්ම පිතිකරුවකු ලෙස අසාර්ථක භාවයට පත්වීම නිසා එම ස්ථානය මදුශ්කට හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 163 වැනි ක්‍රීඩකයා වන්නේ නිශාන් මදුශ්කය.

මොරටුව විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා තිබෙන නිශාන් මදුශ්ක දකුණතින් පන්දුවට පහර දෙන්නේය. දේශීය තරග මාලාවේදී අවම ඉනිම සංඛ්‍යාවක් ලකුණු 1000 ක් සම්පූර්ණ කළ පිතිකරුවා ලෙසින් වාර්තා පොත් අතරට එක් වූ මදුශ්ක, අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින සහ සිව්දින තරග වලදී අති විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට වැඩි ගෞරව අත්කර දෙමිනි. එම තරගාවලියේ ආරම්භක පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කළ මදුශ්ක 150, 01, 241, 22 සහ 100 වශයෙන් ලකුණු රැස් කළේය. ටෙස්ට් වරම් දිනා ගැනීම වෙනුවෙන් වූ ටෙස්ට් හිස් වැස්ම ශ්‍රී ලංකා පිලේ හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ හැතිව්ස් විසින් තරගය ආරම්භයට පෙර නිරිමනු ලැබීය.

කාසියේ වාසිය තමන් සතු කරගත් දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟින් අවතීර්ණවීමට කළින් තීරණය කර තිබුණත් තණතීරුවේ ස්වභාවය පළමු තරගයේ පරිදිම වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණව සිටියි. ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කරන ලද ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කරයි.

දිනය අරම්භයේදී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භය ප.ව. 2.10 දක්වා කල් දැමීමට විනිසුරුවන්ට සිදුවිය. නවසීලන්ත කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක නීල් වැග්නර් ආබාධයකට ගොදුරුව සිටීම නිසා ඔහු වෙනුවට ඩග් බ්‍රේස්වල්ව අවසන් 11 දෙනා අතරට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව – ඔෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිශාන් මදුශ්ක, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර.

නවසීලන්තය – ටොම් ලේතම්, ඩෙවෝන් කෝන්වේ, කේන් විලියම්සන්, හෙන්රි නිකොල්ස්, ඩැරල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, මයිකල් බ්‍රේස්වෙල්, ඩග් බ්‍රේස්වෙල්, ටිම් සවුති (නායක), මැට් හෙන්රි, බ්ලෙයාර් තික්නර්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee