slc
logo
Home   |    News
මාර්තු 9, 2023
මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000යි; ශ්‍රී ලංකාවේම තෙවැනියා

sinhala editor

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක් වාර්තා කළේය.

2009 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 110කදී සනත් ජයසූරිය ලබාගත් ලකුණු 6,973 පසුකර යෑමට අද දිනයේ සමත්වීම කැපී පෙණුනි. 35 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ඉදිරියෙන් ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර ඉනිම 233කදී ලකුණු 12,400ක් සහ මහේල ජයවර්ධන ඉනිම 252කදී ලකුණු 11,814ක් වාර්තා කොට වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිටිති.

තරගයේ පළමු දිනයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී මැතිව්ස් පැවැසූවේ මේ වසරේ වැඩිපුර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නොමැතිවීම කණගාටුවට කරුණක් බවය.

“ අපේ ක්‍රීඩකයන් පසුගිය මාස 8ක කාලයේදී ඉතා හොදින් ක්‍රීඩා කළා. ලෝක ටෙස්ට් ශූරතාවලියේදී අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැලකිය යුතු ලෙස වර්ධනය වුණා. නමුත් මේ වසරේදී අපට ටෙස්ට් තරග වැඩිපුර ක්‍රීඩා කරන්න නෑ. තරග 5ක් වගේ ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒක කණගාටුදායක තත්ත්වයක්. අපි අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ මාස 6කට පෙර. හැමෝම කතා කරනවා ටෙස්ට් ක්‍රිකට් අභාවයට යනවා කියා. නමුත් වසරකට ටෙස්ට් ක්‍රිකට් තරග 5ක් ක්‍රීඩා කරනවා කියන්නේ අපි ටෙස්ට් ක්‍රීඩාවට මුකුත් කරන්නේ නෑ වගේ. ටෙස්ට් තරග 5ක් කියන්නේ කිසිසේත්ම ප්‍රමාණවත් නැති  දෙයක්. මා හිතනවා අපට තවත් ටෙස්ට් තරග ලැබෙයි කියා“ මැතිව්ස් මාධ්‍ය හමුවේ පැවැසීය.

නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පිළිබඳ විශේෂ අවධානයක් ඇතැයි ද මැතිව්ස් මෙහිදී පැවැසීය.

“ අපට සිද්ධ වෙනවා නවසීලන්තයේදී ටෙස්ට් තරගත දෙකම දිනන්න. අපට ඒ සදහා ඉතා හොදින් ක්‍රීඩා කරන්න වෙනවා. ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට යන්න පුළුවන් වුණොත් ඒක විශාල අවස්ථාවක්. ඒ නිසා මේ තරගාවලියේ ප්‍රතිඵලය ඉතාම වැදගත්.“ මැතිව්ස් සදහන් කළේය.

වසර 2009දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් වරම් දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට ටෙස්ට් තරග 101කට සහභාගීවී ඉනිම 179කට ක්‍රීඩා කොට ඇත. ඔහු ටෙස්ට් පිටියේ නොදැවී ලකුණු 200ක් වසර 2020දී සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ හීදී ලබාගත් අතර, මේවන විට ශතක 13ක් හා අර්ධ ශතක 38ක් වාර්තා කොට තිබේ. ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 45. 14කි. ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පමණක් මැතිව්ස් ටෙස්ට් තරග 26කදී ශතකයක් හා අර්ධ ශතක 13ක් සමග ලකුණු 1736ක් ලබා තිබීම විශේෂත්වයකි.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගවල පන්දු යැවීමේදී කඩුලු 33ක් දවාගෙන ඇති අතර, හොදම පන්දු යැවීම ලකුණු 60කට කඩුලු 4කි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee