slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2023
අයර්ලන්ත පිතිකරුවෝ හිස් ඔසවති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට පළමු තරගයට සාපේක්ෂව අයර්ලන්ත පිතිකරුවෝ තරමක ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටියහ. නායක ඇන්ඩි බැල්බර්නිගේ අර්ධ ශතකයෙන් පෝෂණය වුණු අයර්ලන්ත ඉනිම සටහන් වූයේ කඩුලු 3 කට ලකුනු 113 ක් වශයෙනි.

පන්දු 43 කට මුහුණ දුන් බැල්බර්නි ඉන් 10 වතාවක් පන්දුව හතරේ සීමාව ඉක්මවාලීමට සමත්වූවේය. ඉතා විශ්වාස පිතිහරඹයක නිරත වුණු බැල්බර්නි සිය ලකුණු 57 සදහා පන්දු 71 කට මුහුණ දී තිබුණේය. අංක 5 ස්ථානයෙන් පිවිසි ස්ටර්ලිං ද තරමක් වේගවත්ව පිත්ත හැසිර වීම නිසා පන්දුවාරයකට 4 කට ආසන්න වේගයක් රඳවා තබා ගැනීමට අයර්ලන්ත කන්ඩායමට හැකියාව ලැබිණ. මෙය මැල්බර්නිගේ තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම අයර්ලන්ත සැලසුම විය. විශ්ව ප්‍රනාන්දු විසින් යවන ලද තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවම ප්‍රබල ඉල්ලීමකින් ආරම්භ වුවද එය විනිසුරු කුමාර් ධර්මසේන නිෂ්ප්‍රභා කළේය.

පිටියේ විනිසුරුවරයාගේ තීරණයෙන් සෑහීමකට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එය අභියෝගයට ලක් නොකිරීමට වග බලා ගත්තේ පන්දුව පා ඉන්න ප්‍රදේශයට පිටින් පතිත වූයේ ද යන්න සැකය හේතුවෙනි. එය එලෙසින්ම පා ඉන්නට පිටතින් පතිතවූ අයුරු පැහැදිළිවම දැකගත හැකි විය. යම් ලෙසකින් ධර්මසේන මහතාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාවක් අහිමිව යනු ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය සුපරුදු ඉලක්කයට ඉක්මනින් අනුගත වෙමින් පන්දු යවනු දැක ගත හැකි වුවත් රමේෂ් මෙන්ඩිස්ගෙන් එවන්නක් දැක ගත නොහැකි විය. දිවා භෝජනය තෙක් යවන ලද පන්දුවාර 8 දී කුණු 33 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පීටර් මුවර් දැවී නොගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් මහතා සදහන් කර සිටියත් එය ‌තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වදින පන්දුවක් ලෙසින් දිස්විය. එබැවින් මුවර් ලකුණු 05 කට දැවී ගියේය.

අසිත හරුණු කොට අද තරගයට ක්‍රීඩා කරන විශ්වට කඩුලු දවා ගැනීමට අවස්ථාව නොමැති වුවත් ඉතාම හොඳින් පන්දු ය වන ආකාරය දැක ගත හැකි විය. නිවැරදි ස්ථානයට පතිත කිරීම මෙන්ම පන්දුවේ දෝලනයද ඉතා හොඳින් දැක ගත හැකි වූ නමුත් එම සෑම අවස්ථාවකදීම විශ්වට වඩා අයර්ලන්ත පිතිකරුවෝ වාසනාවන්ත වූහ.

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee