slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2023
අයර්ලන්ත පිතිකරුවෝ හිස් ඔසවති

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින දිවා භෝජනය සදහා තරගය නිමා කරන විට පළමු තරගයට සාපේක්ෂව අයර්ලන්ත පිතිකරුවෝ තරමක ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට සමත්ව සිටියහ. නායක ඇන්ඩි බැල්බර්නිගේ අර්ධ ශතකයෙන් පෝෂණය වුණු අයර්ලන්ත ඉනිම සටහන් වූයේ කඩුලු 3 කට ලකුනු 113 ක් වශයෙනි.

පන්දු 43 කට මුහුණ දුන් බැල්බර්නි ඉන් 10 වතාවක් පන්දුව හතරේ සීමාව ඉක්මවාලීමට සමත්වූවේය. ඉතා විශ්වාස පිතිහරඹයක නිරත වුණු බැල්බර්නි සිය ලකුණු 57 සදහා පන්දු 71 කට මුහුණ දී තිබුණේය. අංක 5 ස්ථානයෙන් පිවිසි ස්ටර්ලිං ද තරමක් වේගවත්ව පිත්ත හැසිර වීම නිසා පන්දුවාරයකට 4 කට ආසන්න වේගයක් රඳවා තබා ගැනීමට අයර්ලන්ත කන්ඩායමට හැකියාව ලැබිණ. මෙය මැල්බර්නිගේ තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීම අයර්ලන්ත සැලසුම විය. විශ්ව ප්‍රනාන්දු විසින් යවන ලද තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවම ප්‍රබල ඉල්ලීමකින් ආරම්භ වුවද එය විනිසුරු කුමාර් ධර්මසේන නිෂ්ප්‍රභා කළේය.

පිටියේ විනිසුරුවරයාගේ තීරණයෙන් සෑහීමකට පත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එය අභියෝගයට ලක් නොකිරීමට වග බලා ගත්තේ පන්දුව පා ඉන්න ප්‍රදේශයට පිටින් පතිත වූයේ ද යන්න සැකය හේතුවෙනි. එය එලෙසින්ම පා ඉන්නට පිටතින් පතිතවූ අයුරු පැහැදිළිවම දැකගත හැකි විය. යම් ලෙසකින් ධර්මසේන මහතාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණේ නම් ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාවක් අහිමිව යනු ඇත.

ප්‍රභාත් ජයසූරිය සිය සුපරුදු ඉලක්කයට ඉක්මනින් අනුගත වෙමින් පන්දු යවනු දැක ගත හැකි වුවත් රමේෂ් මෙන්ඩිස්ගෙන් එවන්නක් දැක ගත නොහැකි විය. දිවා භෝජනය තෙක් යවන ලද පන්දුවාර 8 දී කුණු 33 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පීටර් මුවර් දැවී නොගිය පිතිකරුවකු ලෙස ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් මහතා සදහන් කර සිටියත් එය ‌තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වදින පන්දුවක් ලෙසින් දිස්විය. එබැවින් මුවර් ලකුණු 05 කට දැවී ගියේය.

අසිත හරුණු කොට අද තරගයට ක්‍රීඩා කරන විශ්වට කඩුලු දවා ගැනීමට අවස්ථාව නොමැති වුවත් ඉතාම හොඳින් පන්දු ය වන ආකාරය දැක ගත හැකි විය. නිවැරදි ස්ථානයට පතිත කිරීම මෙන්ම පන්දුවේ දෝලනයද ඉතා හොඳින් දැක ගත හැකි වූ නමුත් එම සෑම අවස්ථාවකදීම විශ්වට වඩා අයර්ලන්ත පිතිකරුවෝ වාසනාවන්ත වූහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar