slc
Home   |    News
අප්‍රේල් 28, 2023
ප්‍රභාත් ජයසුරියගෙන් ලෝක වාර්තාවක්

sinhala editor

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් දඟ පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය අද (28 දා) පෙරවරුවේදී සමත්වූවේය. අයර්ලන්තයට එරෙහිව ගාලලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී 50 වැනි කඩුල්ල ලෙසින් පෝල් ස්ටර්ලිංග්ගේ කඩුල්ල ප්‍රභාත් විසින් දවා ගත්තේ තම 7 වැනි ටෙස්ට් තරගයේදීය.  

ප්‍රභාත්ට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කියන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ඇල්ෆ් වැලන්ටන් වන අතර ඔහු තරග 8 කදී ‌එම දක්ෂතාව දක්වා තිබේ.

මේ අතර ප්‍රභාත්ගේ එම දක්ෂතාවය අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නන් අතරේ දෙවැනි ස්ථානයටද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානයටද  පත්ව සිටියි. ඔස්ට්‍රේලියාවේ චාලි ටර්නර් ලෝක පන්දු යවන්නන් අතර ජයසුරියට ඉදිරියෙන් සිටින්නේ තරග 6 කදී කඩුලු 50 ක් දවා ගනිමිනි. ජයසූරිය කඩූ 50 ක් දවා ගැනීමට පෙර ඩිල්රුවන් පෙරේරා තරග 11 කදී දක්වන ලද දක්ෂතාවය මීට පෙර ශ්‍රී ලංකාවේ වේගවත්ම කඩුලු 50 ලෙසින් සටහන් විය.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest