slc
Home   |    News
අප්‍රේල් 11, 2023
බංග්ලාදේශ කාන්තාවෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලබන අප්‍රේල් මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සුදු පන්දුවෙන් කෙරෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ පී. සරා ඔ්වල් සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සීමිත පන්දුවාර කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් මෙම තරගාවලියේ එක්දින තරග අංශය පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවට කාන්තා කණ්ඩායමක් පැමිණෙන්නේ ගිය වසරේ ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයෙන් අනතුරුවය. පළමුව එක්දින තරගාවලිය අප්‍රේල් මස 29 වැනිදා ආරම්භ වන අතර එම තරග සියල්ල සරා පිටියේදීත මැයි 09 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වේ. එක්දින තරගාවලියට ආරම්භයට පෙර එනම් අප්‍රේල් 27 වැනිදාත් විස්සයි-20 තරගාවලියට පෙර එනම් මැයි මස 07 වැනිදාත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ බංග්ලාදේශ කාන්තා පිල පුහුණු තරගයකට බැගින් ක්‍රීඩා කරනු ඇත. එම තරග 2 ම කොළඹ ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest