slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2023
විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 යි – ඉතාම සුන්දර අවසන් මහ තරගයක් – මහේල ජයවර්ධන

sinhala editor

ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන වන විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 9 ක් සපිරෙයි. 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ‌ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා ගනු ලැබුවේ දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. ඒ විස්සයි-20  කප්පිතන් ලෙසින් සැලකෙන ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට තිසර පෙරේරා විසින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලද එම විජයග්‍රහණයේ 9 වැනි වසර සමරන අද (අප්‍රේල් 06) දිනයේදී ඒ සදහා දායකවූවන්ගේ මතකය ආවර්ජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පියවර ගනු ලැබුවේද ශ්‍රී ලාංකේය නාමයට අභිමානයක් ගෙන එන ලද එම ක්‍රිකට් විරුවනට උපහාරයක් ගෙන ඒම වෙනුවෙනි. එම ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ ‘මහමොළකරුවකු’ වූ මහේල ජයවර්ධන තම මතකය අවධි කළේ මෙලෙසිනි.

“2014 වස්සයි-20 ලෝක කුසලාන අවසන් තරගය ඉතාමත් සුන්දර තරගයක්. ඒ තරග ජයග්‍රහණය අපි ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා වාසීන් හැමදෙනාම ඉතාමත් සතුටින් භුක්ති වින්දා. කණ්ඩායම විදියට ගත්තොත් ලෝක කුසලාන 4 ක් හෝ 3 ක අවසන් මහ තරග වලට ඇවිල්ලා පරාජය වෙච්ච ක්‍රීඩකයින් බොහේ දෙනෙක් මේ 2014 කණ්ඩායමේ හිටියා. අවසන් තරගවල පරාජය වෙලා ඒ අත්දැකීම් එක්ක වගේම කණගාටු තත්ත්වයත් එක්ක 2014 අපිට විස්සයි-20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ලැබීම ගොඩක් සතුටට කාරණයක්” යැයි මහේල සදහන් කර සිටියි.

එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා වූයේ මහේල ජයවර්ධනය. තරග 6 කට ක්‍රීඩා කළ මහේල ලකුණු 158 ක් රැස් කරන ලද්දේ අවසන් මහ තරගයේදී ලද ලකුණු 24 ද සමඟින් පන්දු 24 කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව සදහා මහේල හතරේ පහර 4 ක් එල්ල කළේය.

“අපි ලංකාවට ආවහම අපිව ජනතාව විසින් පිළිගත්තු විදිහත් මං හිතන්නේ මට කවදාවත් අමතක නොවන දෙයක්. අපිට හැකියාවක් ලැබුණා 1996 පන්දු වාර 50 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට එකතු කරන්න.මං හිතන්නේ ඒක ඉතාමත් වාසනාවන්ත දෙයක්” යැයි මහේල වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම ජයග්‍රහණය මහේලට සුවිශේෂී වන තවත් කරුණක් වන්නේ අදාළ අවසන් මහ තරගය මහේලගේ විස්සයි-20 තරග දිවියේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත්වීමය. ලොව  පුරා කන්ඩායම් 16 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයෙන් පසු මහේල මෙන්ම කුමාර් සංක්කාරද සිය විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියට සමු දීම ක්‍රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළක් එක් කරන සිදුවීමක් බවට පත්විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest