slc
Home   |    News
අප්‍රේල් 2, 2023
අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

sinhala editor

 

නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන    නොමැති      හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට  මෙම තරගාවලිය ජය    ගැනීමට අපේක්ෂා  කරන    බව   ශ්‍රී ලංකා නායක  දසුන් ශානක  සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු එක්දින තරගයේ යෙන් පසු ශ්‍රී ලංකා නායකයා ඉහත කරුණු අවධාරණය කර සිටියේය.

 

ලකුනු 196 ක් රැස් කළද තවත් ලකුණු 30ක් පමණ ලබා ගැනීමට තම කණ්ඩායමේ අපේක්ෂාව වී තිබූ බව දසුන් සදහන් කර සිටියේය. එහෙත්  පන්දු  යැවීමේ දී ප්‍රමෝද් මදුශාන් හොද  ආරම්භයක් ලබා දුන් අතර පසුව  වනිදු    හසරංග   දක්ෂ අයුරින්  පන්දු   යැවීමත් නිසා නවසීලන්තයට ඉලක්කය සපුරා ගැනීම සඳහා කඩ කඩ අවහිර වූ බවද ඔහු සඳහන් කර සිටියේය.

 

පිතිකරුවකු ලෙස මෙම තරගයේදී හොඳින් දක්ෂතා දැක්වීමට තමාට නොහැකි වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා නායකයා පන්දු   යවමින් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දීමට තමන්ට හැකි වූ බවද සදහන් කර සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 2 බැගින් දවා ගත් අතර දසුන්ගේ නම ඒ අතර විය.

 

“චරිත්  අසලංක නැවත  ලකුණු අතරට   පිවිසීම   පිළිබඳ   අප  සතුටු   වනවා.   සිව්වන    කඩුල්ලට    කුසල්     ජනිත්    පෙරේරා සහ චරිත් අසලංක එක්කළ    ලකුණු 103 සබදතාවය   අපව    ප්‍රබල අයුරින්    තරගයට  අවතීර්ණ  කළා.    ඉනිම   අවසාන   භාගයේදී  වනිදු     හසරංග   ද  සිල්වා     ඉක්මනින්    නොදැවී    රැස් කළ      ලකුණු  21   සමග අපට     ලකුණු   200 සීමාව    අසළට යාමට    අවස්ථාව   උදාවුණා” යැයි දසුන් සඳහන් කර සිටියේය.

 

ලකුණු  සංඛ්‍යාව    සමවීමෙන්   පසුව   යැවුණු  තීරණාත්මක   පන්දු ඕවරය    තීක්ෂණ   දක්ෂ  අයුරින්  යැවුබව   කී   දසුන්    ශානක මෙවැනි  උණුසුම්    තියුණු තරගයකින්  ජය ලැබීමට   හැකිවීම  පිලිබද    සතුටුවන    බවද කිවේය

 

ප්‍රථම    විස්සයි 20   තරගයේ  වීරයා   ලෙස    නම්    කෙරුණු     චරිත්  අසලංක     තරගයෙන්  පසුව     ප්‍රකාශ    කළේ     දෙපැත්තටම   දෝලනය  වෙමින් පැවැති මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණක් බවයි. මීට අමතරව කණ්ඩායමේ බහුතරයක් තරුණ ක්‍රීඩකයින් සිටියදී මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම‌ අගය කළ කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

“මේ ක්‍රීඩාංගණය  මදක්  කුඩා හෙයින්   තමාට  පහසුවෙන්ම    හයේ පහර    හතරක්ම  එල්ල   කිරීමට හැකිවූ බව  කී  චරිත්   අසලංක විස්සයි 20 තරගය  පවතින තීරණාත්මක   තියුණු මුහුණ වරයන්ට     මුහුණදීමට    යහපත් මානසිකත්වය තිබීම  වැදගත් වු බවද සඳහන් කර සිටියේය.

 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest