slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

sinhala editor

 

නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන    නොමැති      හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට  මෙම තරගාවලිය ජය    ගැනීමට අපේක්ෂා  කරන    බව   ශ්‍රී ලංකා නායක  දසුන් ශානක  සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු එක්දින තරගයේ යෙන් පසු ශ්‍රී ලංකා නායකයා ඉහත කරුණු අවධාරණය කර සිටියේය.

 

ලකුනු 196 ක් රැස් කළද තවත් ලකුණු 30ක් පමණ ලබා ගැනීමට තම කණ්ඩායමේ අපේක්ෂාව වී තිබූ බව දසුන් සදහන් කර සිටියේය. එහෙත්  පන්දු  යැවීමේ දී ප්‍රමෝද් මදුශාන් හොද  ආරම්භයක් ලබා දුන් අතර පසුව  වනිදු    හසරංග   දක්ෂ අයුරින්  පන්දු   යැවීමත් නිසා නවසීලන්තයට ඉලක්කය සපුරා ගැනීම සඳහා කඩ කඩ අවහිර වූ බවද ඔහු සඳහන් කර සිටියේය.

 

පිතිකරුවකු ලෙස මෙම තරගයේදී හොඳින් දක්ෂතා දැක්වීමට තමාට නොහැකි වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා නායකයා පන්දු   යවමින් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දීමට තමන්ට හැකි වූ බවද සදහන් කර සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 2 බැගින් දවා ගත් අතර දසුන්ගේ නම ඒ අතර විය.

 

“චරිත්  අසලංක නැවත  ලකුණු අතරට   පිවිසීම   පිළිබඳ   අප  සතුටු   වනවා.   සිව්වන    කඩුල්ලට    කුසල්     ජනිත්    පෙරේරා සහ චරිත් අසලංක එක්කළ    ලකුණු 103 සබදතාවය   අපව    ප්‍රබල අයුරින්    තරගයට  අවතීර්ණ  කළා.    ඉනිම   අවසාන   භාගයේදී  වනිදු     හසරංග   ද  සිල්වා     ඉක්මනින්    නොදැවී    රැස් කළ      ලකුණු  21   සමග අපට     ලකුණු   200 සීමාව    අසළට යාමට    අවස්ථාව   උදාවුණා” යැයි දසුන් සඳහන් කර සිටියේය.

 

ලකුණු  සංඛ්‍යාව    සමවීමෙන්   පසුව   යැවුණු  තීරණාත්මක   පන්දු ඕවරය    තීක්ෂණ   දක්ෂ  අයුරින්  යැවුබව   කී   දසුන්    ශානක මෙවැනි  උණුසුම්    තියුණු තරගයකින්  ජය ලැබීමට   හැකිවීම  පිලිබද    සතුටුවන    බවද කිවේය

 

ප්‍රථම    විස්සයි 20   තරගයේ  වීරයා   ලෙස    නම්    කෙරුණු     චරිත්  අසලංක     තරගයෙන්  පසුව     ප්‍රකාශ    කළේ     දෙපැත්තටම   දෝලනය  වෙමින් පැවැති මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණක් බවයි. මීට අමතරව කණ්ඩායමේ බහුතරයක් තරුණ ක්‍රීඩකයින් සිටියදී මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම‌ අගය කළ කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

“මේ ක්‍රීඩාංගණය  මදක්  කුඩා හෙයින්   තමාට  පහසුවෙන්ම    හයේ පහර    හතරක්ම  එල්ල   කිරීමට හැකිවූ බව  කී  චරිත්   අසලංක විස්සයි 20 තරගය  පවතින තීරණාත්මක   තියුණු මුහුණ වරයන්ට     මුහුණදීමට    යහපත් මානසිකත්වය තිබීම  වැදගත් වු බවද සඳහන් කර සිටියේය.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee