slc
Home   |    News
මැයි 26, 2023
අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 තරගාවලිය හෙට ඇරැඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 27 වැනිදා (හෙට) සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. කණ්ඩායම් 22ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පසුගිය ශූර යුද හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ හෙට (27) පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. අවසන් මහ තරගය ජුනි මස 11 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. අවසන් වරට පැවැති විස්සයි 20 තරගාවලියේ අනුශූරතාව කොල්ට්ස් කණ්ඩායමට හිමි වූ අතර, එම කණ්ඩායම ‘බී‘ කාණ්ඩයේ සිටී.

මෙම තරගාවලිය ‘ඒ‘, ‘බී‘. ‘සී‘. සහ ‘ඩී‘ වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර, ‘ඒ‘ සහ ‘ඩී‘ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින්ද ‘බී‘ සහ ‘සී‘ කාණ්ඩ සඳහා කණ්ඩායම් 5 බැගින් ඇතුළත් වේ. මූලික වටයේ තරග ජූනි මස 7 වැනිදා දක්වා  ක්‍රියාත්මක අතර, ඒ වනවිට ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩක දක්ෂතා ඉදිරියට ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම විස්සයි 20 තරගාවලියේදී තරග සෑම දිනකම උදෑසන සහ පස්වරුවේ එක් පිටියක තරග 2  බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එනම් පෙරවරු 10ට පළමු තරගය හා පස්වරු 2ට දෙවැනි තරගය ආරම්භ කිරීමට සූදානම් වේ.  පී. සරා ඕවල් ක්‍රීඩාංගණය, මග්ගොන සරේ ක්‍රීඩා පිටිය, එස්එස්සී, පනාගොඩ යුද හමුදා, සීසීසී හා එන්සීසී යන ස්ථාන තරග පැවැත්වීමට වෙන්කොට තිබේ.

‘ඒ‘ කාණ්ඩය – යුද හමුදාව, පානදුර, ගුවන් හමුදාව, පොලිස්, එන්.සී.සී, හලාවත මේරියන්ස්

බී‘ කාණ්ඩය – කෝල්ට්ස්, රාගම, සෙබස්තියනයිට්ස්. නුගේගොඩ, බ්ලූම්ෆීල්ඩ්

‘සී‘ කාණ්ඩය – ඒස් කැපිටල්. එස්.එස්.සී, ටැමිල් යුනියන්, බදුරලිය, කරුණෑගල තරුණ,

‘ඩී‘ කාණ්ඩය – බී.ආර්. සී, මුවර්ස්, ගෝල්, සී.සී.සී, කැන්ඩි කස්ටම්ස්, නිගම්බු

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest