slc
logo
Home   |    News
මැයි 26, 2023
අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 තරගාවලිය හෙට ඇරැඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 27 වැනිදා (හෙට) සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. කණ්ඩායම් 22ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පසුගිය ශූර යුද හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ හෙට (27) පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. අවසන් මහ තරගය ජුනි මස 11 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. අවසන් වරට පැවැති විස්සයි 20 තරගාවලියේ අනුශූරතාව කොල්ට්ස් කණ්ඩායමට හිමි වූ අතර, එම කණ්ඩායම ‘බී‘ කාණ්ඩයේ සිටී.

මෙම තරගාවලිය ‘ඒ‘, ‘බී‘. ‘සී‘. සහ ‘ඩී‘ වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර, ‘ඒ‘ සහ ‘ඩී‘ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින්ද ‘බී‘ සහ ‘සී‘ කාණ්ඩ සඳහා කණ්ඩායම් 5 බැගින් ඇතුළත් වේ. මූලික වටයේ තරග ජූනි මස 7 වැනිදා දක්වා  ක්‍රියාත්මක අතර, ඒ වනවිට ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩක දක්ෂතා ඉදිරියට ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම විස්සයි 20 තරගාවලියේදී තරග සෑම දිනකම උදෑසන සහ පස්වරුවේ එක් පිටියක තරග 2  බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එනම් පෙරවරු 10ට පළමු තරගය හා පස්වරු 2ට දෙවැනි තරගය ආරම්භ කිරීමට සූදානම් වේ.  පී. සරා ඕවල් ක්‍රීඩාංගණය, මග්ගොන සරේ ක්‍රීඩා පිටිය, එස්එස්සී, පනාගොඩ යුද හමුදා, සීසීසී හා එන්සීසී යන ස්ථාන තරග පැවැත්වීමට වෙන්කොට තිබේ.

‘ඒ‘ කාණ්ඩය – යුද හමුදාව, පානදුර, ගුවන් හමුදාව, පොලිස්, එන්.සී.සී, හලාවත මේරියන්ස්

බී‘ කාණ්ඩය – කෝල්ට්ස්, රාගම, සෙබස්තියනයිට්ස්. නුගේගොඩ, බ්ලූම්ෆීල්ඩ්

‘සී‘ කාණ්ඩය – ඒස් කැපිටල්. එස්.එස්.සී, ටැමිල් යුනියන්, බදුරලිය, කරුණෑගල තරුණ,

‘ඩී‘ කාණ්ඩය – බී.ආර්. සී, මුවර්ස්, ගෝල්, සී.සී.සී, කැන්ඩි කස්ටම්ස්, නිගම්බු

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee