slc
logo
Home   |    News
මැයි 13, 2023
අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ජැෆ්නා පිල අපරාජිත භාවය රැක ගනියි

sinhala editor

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිසත්‍රික් තරග මාලාව යටතේ පැවැත්වෙන තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට සමත්විය. මෙම ජය යාපනය කණ්ඩායම මූලික වටයේ ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

යාපනය කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි සිව්වැනි තරගය බවට පත් වුණු මෙම තරගයේ ලද ජයත් සමග උතුරු පාත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි. ඔවුන් එම කාණ්ඩයේ අපරාජිත එකම කණ්ඩායම වන අතර වර්ෂාව හේතුවෙන් එක් තරගයක් විසඳුම් රහිත වී තිබේ.

මීට අමතරව නුවරඑළිය සහ මඩකලපු කණ්ඩායම් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නුවරඑළිය කණ්ඩායම පන්දුවාර 15.2 කදී ලකුණු 66 ක් වාර්තා කළ අතර එය හඹා යෑමේදී මඩකලපු කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු 8 කදී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. මෙහි විශේෂත්වය වූයේ තරගය ජයගත් මඩකලපු කණ්ඩායමේ කිසිම පිතිකාරිණනියක් ලකුණු 10 සීමාව හෝ පසු නොකර තරග ජය ගැනීමයි. ඊට ප්‍රධානම හේතු කාරක වූයේ නුවරඑළිය කණ්ඩායමේ පන්දු යවන්නියන් විසින් අතිරේක ලකුණු 42 ක් ලබා දීමයි. වයිඩ් පන්දු 37 ක්, නිපන්දු 2 ක් සහ කඩුලු රැකීමේදී ගිලිහෙන බයිස් ලකුණු 2 කින් එම අතිරේක ලකුණු සමන්විත වී තිබේ.

මීට අමතරව මැයි 12 වැනිදා පැවැති තරග වවලදී පොලොන්නරුව පිල විසින් පුත්තලම පිල ලකුණු 13 කින්ද, කෑගල්ල පිල විසින් ත්‍රිකුණුමාල පිල කඩුලු 9 කින්ද, කුරුණෑගල පිල විසින් මාතලේ පිලට එරෙහිව ලකුණු 67 කින්ද ජයග්‍රහණ වාර්තා කළහ.

යාපනය කණ්ඩායමට කඩුලු 10 ක ජයක්

මන්නාරම කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 65 යි – (ටී. රී.නා 26, මුරලිතසන් මතුරිකා 14/4, රත්නේෂ්වරන් නිතර්ෂනා 11/3, සෙල්වරාසා ක්‍රිස්ටිගා 16/2)

යාපනය කාන්තා කණ්ඩාය පන්දුවාර 10.5 කදී කිසිවකු නොදැවී ලකුණු 69 යි – (බාස්කරන් ශානු 31*, මුරුගනාතන් ෂර්මිලී 17*)

 

මඩකලපු පිලට කඩුලු 2 ක ජයක්

නුවරඑළිය කාන්තා පිල පන්දුවාර 15.2 කදී කුණු 66 යි – (නිරාශා ගිම්හානි 11, සුකිර්තා රවිචන්ද්‍රන් 8/4, ජුලියාන් ජෙසුන්දාසන් 13/3)

මඩකලපු කාන්තා කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු 8 ට ලකුණු 67 යි

 

‌පොලොන්නරුව පිලට ලකුණු 13 ක ජයක්

පොලොන්නරුව කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 107 යි – (හිරුෂිකා නිමන්ති 33, ජනනි මයුරිකා 30, ඉමාෂා සඳරුවනි 13, දිලීමා නෙත්මිනි 24/3)

පුත්තලම කාන්තා පිල පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවි ලකුණ 94 යි – (ඩෙලීමා නෙත්මි 21, තරුන්දි ආකර්ෂා 14, අදිති රන්දිනී 16, සුභාන්‍යා නිශාදි 24/3, හිරුෂිකා නිමන්ති 10/2)

 

කෑගල්ල පිලට කඩුලු 9 ක ජයක්

ත්‍රිකුණාමල කාන්තා කණ්ඩායම පන්දුවාර 16.2 කදී ලකුණු 47 යි – (නදීෂානි සෙනෙවිරත්න 14/2, කාවින්දයා ප්‍රභාසීනී 10/2)

කෑගල්ල කාන්තා කණ්ඩායම පන්දුවාර 9.5 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 48 යි – (ඉමාෂා මිහිරංගි 15*)

 

කුරුණෑගල පිලට ලකුණු 67 ක ජයක්

කුරුණෑගල කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 131 යි – (චමෝදයා දෙවින්ද්‍යා 18, මනීෂා සකුමිනී 37, අශානි කෞෂල්‍යා 27, හංසිකා නිපුනි 12, ඉමාෂි නිසංසලා 10*)

මාතලේ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 7 ට ලකුණු 64 යි – (බුද්ධිනී දිසානායක 28*, සන්දයා කුමාරසිරි 11, අශානි කෞෂලයා 14/2, හංසිකා නිපුනි 04/2,

 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee