slc
logo
Home   |    News
මැයි 30, 2023
ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය

sinhala editor

ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට ටැමිල් යනියන් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණයට ටැමිල් යුනියන් කණ්ඩායමට ලකුණු 12ක් අවශ්‍ය වූ අතර ඉසුරු උදාන වේගවත් පහර කිහිපයක් එල්ල කරමින් එම ජයග්‍රහණය ලබා ගැනීමට මූලිකත්වය ගත්තේය.

ලකුණු 179ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ටැමිල් යුනියන් ආරම්භක පිතිකරු 20 හැවිරිදි නවෝද් පරණවිතාන පන්දු 24කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමඟ ලකුණු 56ක් ලබමින් මූලික අඩිතාලම දැමීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේ තරගාවලියේ අද පැවැති තරග අතුරින් ඒස් කැපිටල්, කෝල්ට්ස්, සෙබස්ටියනයිට්ස් සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. ඉසුරු උදාන පන්දු දහයකදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 28ක් ද ලබා මේ ජයග්‍රහණයට මුල් විය.

ටැමිල් යුනියන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසාන පන්දු ඕවරයේ ලකුණු 12ක් අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවක් ඉතිරිව තිබියදී ඊට ළඟා විය. ටැමිල් යුනියන් පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 9.18ක් ලැබීය.

එස්.එස්.සී. නායක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 47කදී ලකුණු 73ක් ද (හතරේ හතයි හයේ පහයි) අනෙක් ආරම්භක පිතිකරු ක්‍රිෂාන් සංජුල නොදැවී 64ක් ද (පන්දු 55යි හතරේ පහයි හයේ තුනයි) ලබා මුල් විකට්ටුවට ලකුණු 116ක් රැස් කළේ පන්දු 86ක් තුළදීය.

 එස්.එස්.සී. කඩුලු1ට 178 (පන්දු වාර 20යි) – (අවිශ්ක ප්‍රනාන්දු 73, ක්‍රිෂාන් සංජුල නොදැවී 64, ෂෙවෝන් ඩැනියල් නොදැවී 31, ශිරාන් ප්‍රනාන්දු 42/1යි)

ටැමිල් යුනියන් කඩුලු 6ට 182 (පන්දු වාර 19.5) – (නවෝද් පරණවිතාන 56, රවිඳු ප්‍රනාන්දු 30, ඉසුරු උදාන නොදැවී 28, ප්‍රභාත් ජයසූරිය 17/3, කළණ පෙරේරා 44/1)

 

  • ඒස් කැපිටල් ලකුණු 62කින් ජය ගනියි

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී එස් කැපිටල් කණ්ඩායමේ තනුක දාබරේ තුන් ඉරියව්වේම පෙන් වූ දක්ෂතා හේතුවෙන් (ලකුණු 56යි ලකුණු 22කට කඩුල්ලයි) එම කණ්ඩායමට ජයගෙන ඒමට මුල් විය. තනුක දාබරේ ලකුණු 56ක් රැස් කළේ පන්දු 34කදී හයේ පහර පහක් සහ හතරේ තුනක් සමඟය.

ඒස් කැපිටල් කඩුලු 7ට 190 (පන්දු වාර 20යි) – (තනුක දාබරේ 56, රවිඳු රත්නායක නොදැවී 36, රොෂාන් ජයතිස්ස 28, සිතාර ගිම්හාන 27, දිලංක අවුවාඩ 36/4, අරවින්ද ප්‍රේමරත්න 30/1යි)

කුරුණෑගල යූත් කඩුලු 6ට 128 (පන්දු වාර 20යි) – ( අමේෂ් තෙන්නකෝන් 30, නවීන් ප්‍රනාන්දු 29, සචින්ත පීරිස් 21, රොෂාන් ජයතිස්ස 21/1, තනුක දාබරේ 22/1යි)

 

  • කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 3කින් ජයක්

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 172ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී එම කණ්ඩායමේ ජෙහාන් ඩැනියල්  පන්දු 43කදී හතරේ හතක් හයේ පහක් සමඟ ලකුණු 82ක් ලබා කෝල්ට්ස් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ජෙහාන් ඩැනියල් සිව්වන කඩුල්ලට යශෝධ ලංකා (45) සමඟ එක් කළ ලකුණු සංඛ්‍යාව 74කි.

බ්ලුම්ෆීල්ඩ් කඩුලු 9ට 171 (පන්දු වාර 20යි) – (අෂාන් ප්‍රනාන්දු 50, සඳුන් වීරක්කොඩි 45, නිපුන් කරුණානායක 36, උදිත් මධුෂාන් 21/2, අකිල ධනංජය 36/2, ධනංජය ලක්ෂාන් 27/2, මුදිත ලක්ෂාන් 23/2)

කෝල්ට්ස් කඩුලු 7ට 172 (පන්දු වාර 20) –  (ජෙහාන් ඩැනියල් 82, යශෝධ ලංකා 45, ධනංජය ලක්ෂාන් 11, කවිශ්ක අංජුල 10, ළහිරු මධුශංඛ 32/2, මනෙල්ක ද සිල්වා 43/2යි)

 

  • සෙබස්ටියනයිට්ස් ලකුණු 14කින් රාගම පරාජය කරයි

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ කඩුලු පහක් අටවන ඕවරය වන විට ලකුණු 39කට දැවී ගිය අවස්ථාවේ ඉසිවර දිසානායක සහ සචිත ජයතිලක හයවන කඩුල්ලට පන්දු 66කදී ලකුණු 103ක් රැස් කරමින් කණ්ඩායම ජය මාවත කරාගෙන ගියහ.

සචිත ජයතිලක පන්දු 38කදී ලකුණු 56ක් ද හයේ හතරයි හතරේ දෙකයි. ඉසිවර දිසානායක පන්දු 44කදී හයේ දෙකක් හතරේ හතරක් සමඟ ලකුණු 55ක් ලැබූහ.

සෙබස්ටියනයිට්ස් කඩුලු 6ට 154 (පන්දු වාර 20) – සචිත ජයතිලක 56, ඉසිවර දිසානායක 55, මධුශාන් රවිචන්ද්‍ර කුමා 19, සංතුෂ් ගුණතිලක 36/2, ශෂික දුල්ෂාන් 24/1)

රාගම කඩුලු 9ට 140 (පන්දු වාර 20) – සමිඳ ප්‍රනාන්දු 31, බිනුර ප්‍රනාන්දු 20, චමත් ගෝමස් 14, යොහාන් ලියනගේ 12, චරිත රාජපක්ෂ 30/4, චාමික එදිරිසිංහ 12/3යි).

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest