slc
logo
Home   |    News
මැයි 24, 2023
ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

sinhala editor

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මූලික අදියර හෙවත් Level 0 සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවීමට කැමැති වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මේ සදහා අයැදුම් කළ හැක. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල් වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට (PTI) සහ කාන්තා ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද වයඹ, උතුරු මැද සහ උතුරු යන පළාත ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද, දකුණ සහ ඌව පළාත් එක් කේන්ද්‍රස්ථානයකදීද සහ බස්නාහිර පළාතේද මෙම පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක වනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ පටන් ක්‍රියාත්මක අදියර 0 සිටම පාඨමාලාව ක්‍රියාත්මක වීමය. මේ සඳහා උනන්දුවන කාන්තාවන්ට මෙම අදියර නිමාවීමෙන් පසු ඉදිරියේදී පුහුණු අදියර i, ii, සහ iii යන (Level i,  Level ii, Level iii) පාඨමාලාවන් හැදෑරීමෙන් පසු ජාත්‍යන්තරය දක්වා යෑමේ අවස්ථාව උදාකරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒකයන අභිප්‍රාය වී තිබේ.

ඒ ඒ පළාත් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා පුහුණු උපදේශකයින් පත් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ඇමැතීමෙන් ලබාගත හැක. මධ්‍යම සහ නැගෙනනහිර පළාත වෙනුවෙන් 0743442505 යන අංකයටද, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත වෙනුවෙන් 0777718303 යන අංකයටද, දකුණ සහ ඌව පළාත වෙනුවෙන් 0743449388 යන අංකයටද, සහ බස්නාහිර පළාත වෙනුවෙන් 0743451550 යන දුරකථන අංකයටද අමතා වැඩිදුර තොරතුරු දැනගත හැක.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee