slc
logo
Home   |    News
මැයි 13, 2023
දක්ෂතම ක්‍රීඩිකාව වීම ජීවිතයේ එක් සංධිෂ්ඨානයක් – හර්ෂිතා සමරවික්‍රම

sinhala editor

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී සිටීමට එකම හේතුව වූයේ දිනපතාම හොදින් කැපවී පුහුණු කටයුතු වල නිරතවීමම පමණක් බව සදහන් කර සිටින ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණු හර්ෂිතා මාධවී සමරවික්‍රම ඒ හැර වෙන කිසිදු හේතුවක් එහි නොවන බවයි.

“මා හොඳින් පුහුණු වූ නිසා බියක්, චකිතයක් නොමැතිව ප්‍රතිවාදී පන්දු යවන්නන්ට මුහුණ දීමට හොඳ ආත්ම ශක්තියක් ඇති වුණා. ඒ වගේම මේ තරගාවලිය ජය ගැනීමට වැඩි දායකත්වයක් දැක්වීමට අවස්තාව උදාවීම පිළිබඳව මම ගොඩක් සතුටට පත් වෙනවා” යැයිද තරගාවසානයේදී හර්ෂිතා සඳහන් කර සිටියාය.

“මම පන්දුවට පහරදීමට යන අවස්ථාවන්හි නායිකාව චමරි අතපත්තු සහ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මට උපදෙස් දෙන්නේ ඕවර විස්ස අවසාන වනතුරු විකට්ටුවේ රැඳී සිටින ලෙසටයි. මාත් හොඳින් දැන සිටියා මම කඩුල්ලේ සිටියොත් ලකුණු පුවරුවත් හොඳින් ක්‍රියාත්මක වන බව. මේ හේතුව මත අද අවසාන තරගයේදී නිලක්ෂි ද සිල්වා සමඟ සිව් වන කඩුල්ලට නොදැවී ලකුණු 102ක් රැස්කර ලංකා කණ්ඩායම ජයග්‍රාහී තත්ත්වයකට ගෙන යාමට අවස්ථාව උදා වූවා.“

“චමරි අතපත්තු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියල්ලටම හොඳ හයියක් මෙන්ම දැඩි රැකවරණයක්. ඇය අපට නිතර උපදෙස් දෙන අතරම ධෛර්යයමත් කරනවා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන් රැසකටම දස්කම් පෙන්වා ඉදිරියට ඒමට ඇය අවස්ථාව ලබා දී තිබෙනවා. වත්මන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සාර්ථකත්වයට මෙය බෙහෙවින් බලපා තිබෙනවා.“

“විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි සහ කාව්‍යා කාවින්දි වැනි තරුණ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අපගේ සාර්ථකත්වයට උදව් වූවා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23න් පහළ තරගාවලියේදී තවත් දක්ෂ ක්‍රීඩිකාවන් ඉදිරියට ඒවි. අනාගතයේදී අපට මීටත් වඩා දක්ෂතා අතරට ඒමට අවස්ථාව සැළසේවි.“

“මගේ සහභාගිත්වයෙන් ප්‍රථමවරට තරගාවලියක් ජය ගැනීමට ලැබීමත් ප්‍රථම වරට තරගාවලියක දක්ෂතම ක්‍රීඩිකාව වීමට ලැබීමත් මගේ ක්‍රීඩා දිවියේ විශේෂම සන්ධිස්ථානයක්. සැමදා අපට අතදෙන පුහුණු කාර්යය මණ්ඩලයටත් නිතර අප උනන්දු කරන මාධ්‍යයට සහ ප්‍රේක්ෂකයන්ටත් ස්තුති කිරීමට තමා කැමති යැයි“ ද හර්ෂිතා මාධවී ප්‍රකාශ කළාය.

නුගේගොඩ අනුලා විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි හර්ෂිතා මාධවී 2016 සැප්තැම්බර් මස ඔස්ට්‍රේලියාව සමඟ එක් දින ජාත්‍යන්තර  වරම් ද 2016 මාර්තු මස අයර්ලන්තය සමඟ ජාත්‍යන්තර විස්සයි 20 වරම් ද දිනා ගත්තාය. වමතින් පිත්ත හසුරු වන හර්ෂිතා මේ වන විට 25 වැනි වියේ පසුවන්නීය. ඇය ශ්‍රී ලංකා 19න් පහළ සහ 24න් පහළ කණ්ඩායම්වලට නායකත්වය ද ලබාදී ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]

Pin It on Pinterest

USD United States (US) dollar