slc
logo
Home   |    News
මැයි 12, 2023
ලෝක කුසලානයක් දින්න දවසට උපරිම සතුට ලබනවා – කවීෂා දිල්හාරී

sinhala editor

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එස්එස්සී පිටියේ පැවැති දෙවැනි එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් කවීෂා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී එලෙස සදහන් කළාය. කවීෂා දිල්හාරී මෙම තරගයේදී ලකුණු 13කට කඩුලු 2ක් බිදහෙලූ අතර, අංක 5 පිතිකාරිණිය ලෙස පිටියට පිවිස පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 18කදී හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූවාය. කවීෂාගේ දායකත්වයත් සමග තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වූවේය.

“ නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදී මට හොදින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසා බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ හොදින් ක්‍රීඩා කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වෙනවා. මා මේ තරගාවලියේදී යළිත් දස්කම් අතරට පැමිණ විශ්වාසය ගොඩනගා ගත්තා. ඒක මට හයියක්. “ කවීෂා පැවැසූවාය.

“මගේ පුහුණුකාර්ය මණ්ඩලයට ගොඩක් ස්තූති වන්ත වෙනවා. අඩුපාඩු හදා ගැනීමට ඔවුන් විශාල ලෙස සහයෝගය දුන්නා. තව ටිකක් පා දඟ පන්දුවට පහරදීමේදී සැලකිලිමත් විය යුතුයි. ඒ පන්දුවට මොන මොන ආකාරයෙන් පන්දුවට පහරදිය යුතු ද යන්න සැලසුම් කර ගැනීම තව දුරටත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම 17න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් පැමිණ අපට පුහුණුවීම්වලදී පන්දු යවනවා. ඒක විශේෂ අත්දැකීමක්. ඒ නිසා පිතිකාරිණියන්ට ඉදිරියට එන්න පහසුවක් ඇති වෙනවා. ඒ වගේම පන්දුව අතට දුන් පසු නායිකාව කියන විදිහට පන්දු යැවීම මගේ සිරිතයි. හැම විටම පිටිය සකසා ඇති ආකාරයට පන්දු යැවීමට මා වග බලා ගන්නවා“.

“ ක්‍රිකට් ක්‍රීඩාවේදී තරගයක් පරාජය වෙන්න පුලුවන්. නමුත් ඊළග තරගයේදී ඒ සියල්ල අමතක කොට යළි නැගිටීම කණ්ඩායමකට අවශයයි. ඒක ක්‍රීඩිකාවකටත් අවශ්‍ය දෙයක්. අපි මේ තරගාවලියේදී හැමවිටම හොද ශක්තියකින් හිටියා. ඒක තමයි ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් ලැබුණේ“ කවීෂා සදහන් කළාය.

“ මා පන්දුවට පහරදීමට කිසිදු බියක් නෑ. වේග පන්දුවට තදින් පහරදීමට මා ඇලුම් කරනවා. මගේ සැලසුමක් තියෙනවා. පන්දු යවන ක්‍රීඩිකාව කුමකට ද එන්නේ කියන එක අධ්‍යයනය කිරීම. ඒ අනුව ප්‍රහාරය වෙනස් කිරීම මගේ ක්‍රමයයි. ඉනිමේ අවසන් ඕවර්වලදී පහර එල්ල කිරීමේදී ලබාගත යුතු ඉලක්කය සම්බන්ධයෙන් අප යම් ගණනයක් සිදු කොට ඒ අනුව සැලසුම් සකස් කරනවා“ කවීෂා දිල්හාරී පැවැසූවාය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee