slc
logo
Home   |    News
මැයි 30, 2023
ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 6 ඉක්මවූ මුදලකි.

නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකා පිල පරාජයවීමට පෙර අවසන් මහා තරගයේ ස්ථානයක් සඳහා බලාපොරොත්තු රඳවා සිටි අතර එම පරාජයත් සමග අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් විය.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී එළැඹෙන ජූනි මස 7 සිට 11 දක්වා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන තෑගි මුදල ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 1.6ක් වන අතර, අනු ශූරයින්ට ඇමෙරිකානු ‍ඩොලර් 800,000ක දැවැන්ත මුදලක් පිරිනැමේ. ලබන 11 දා නිමාවන අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට එක්ව සිටි කණ්ඩායම් 9ට දිරිගැන්වීමේ ත්‍යාග මුදල් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

වසර 2021 සිට 2023 දක්වා පැවැති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සෑම කණ්ඩායමකටම හිමිවන සියළු තෑගි මුදල් සදහා ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 3.8 ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇති අතර, තෙවැනි ස්ථානයට පත්වූ  දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ‍ඩොලර් 450,000ක්, සිවුවැනි ස්ථානයට පත් වූ එංගලන්තයට ඇමෙරිකානු ‍ඩොලර් 350,000ක් පිරිනැමේ.

හයවැනි ස්ථානයේ සිට නවවැනි ස්ථානය දක්වා පිළිවෙලින් සිටි නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය යන රටවලට ඇමෙරිකානු ‍ ඩොලර් 100,000 බැගින් ලබාදීමට කටයුතු යොදා ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee