ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (10 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ජපාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුන 97 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.
එම ඉලක්කය හඹා යෑමේදී මුලු ලකුණු සංඛ්‍යාව 50 ක්ව තිබියදී කඩුලු 5 ක් දැවී ගියද 6 වැනි කඩුල්ලට එක් වුණු නායක ඩෙලෝන් පීරිස් (17*) සහ රන්මිත් ජයසේන (25*) ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියහ. ජපාන ජාතික කණ්ඩායම වෙනුවෙන් ඊබ්‍රහිම් ටකහාෂි කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පීඩනයකට ලක් කළේය. එහෙත් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී ඉනිමේ තවත් පන්දු 27 ක ඉතිරිව තිබිණ.
ජපාන කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ලකිලන් ලේක් හතරේ පහර 3 ක් සමඟින් ප්‍රාහාරාත්මක ආරම්භයක් ලබා දුන්නද සිතුම් දිසානායකගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. එම දැවී යෑමෙන් පසු මුලු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී තවත් කඩුලු 2 ක් දවා ගනිමින් ජපාන ඉනිමේ ආරම්භය දෙදරවීමට දනාල් හේමානන්ද සහ නායක පීරිස් සමත්වූහ.
ජපාන පිලේ නායක කඩොවකි ෆ්ලෙමිංග් මුලු ලකුණු සංඛ්‍යාව 57 ක්ව තිබියදී ලකුණු 21 කට දැවී යෑම ඔවුන්ට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමට තිබූ ඉඩ කඩ අහිමිවීමට ප්‍රධාන හේතුවිය. ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහර නායකයාගේ නම දිරියෙන් සනිටුහන් වදදී ඔහුගේ ඉනිම සඳහා හේ පන්දු 15 කට පමණක් මුහුණ දී තිබුණේය. දැවී යන විටත් ඊබ්‍රාහිම් ටකාහාෂි සමග එක්වුනු ෆ්ලෙමිංග් ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාව (ලකුණු 29) පැවැත්වීමට සමත්වී සිටියහ.
ජපාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරවීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු නායක ඩෙලෝන් පීරිස් පන්දුවාර 4 ක් යවා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේය. ඔහුට අමතව දනාල් හේමානන්ද, ලක්ෂාන් ගමගේ සහ සිතුම් දිසානායක කඩුල්ල බැගින් දවා ගත්හ.
ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (කඩොවාකි ෆ්ලෙමිංග් 21, රියෝ සකුරානෝ 14*, මාකස් තර්ගේට් 14*, ඩෙලෝන් පීරිස් 21/3,
ශ්‍රී ලංකාව පන්දුවාර 16.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 යි – (රන්තිමත් ජයසේන 25*, ඩෙලෝන් පීරිස් 17*, ඊබ්‍රහිම් තකහාෂි 17/3)