slc
logo
Home   |    News
මැයි 24, 2023
ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්

sinhala editor

ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මූලික අදියර හෙවත් Level 0 සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවීමට කැමැති වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මේ සදහා අයැදුම් කළ හැක. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල් වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට (PTI) සහ කාන්තා ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද වයඹ, උතුරු මැද සහ උතුරු යන පළාත ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද, දකුණ සහ ඌව පළාත් එක් කේන්ද්‍රස්ථානයකදීද සහ බස්නාහිර පළාතේද මෙම පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක වනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ පටන් ක්‍රියාත්මක අදියර 0 සිටම පාඨමාලාව ක්‍රියාත්මක වීමය. මේ සඳහා උනන්දුවන කාන්තාවන්ට මෙම අදියර නිමාවීමෙන් පසු ඉදිරියේදී පුහුණු අදියර i, ii, සහ iii යන (Level i,  Level ii, Level iii) පාඨමාලාවන් හැදෑරීමෙන් පසු ජාත්‍යන්තරය දක්වා යෑමේ අවස්ථාව උදාකරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒකයන අභිප්‍රාය වී තිබේ.

ඒ ඒ පළාත් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා පුහුණු උපදේශකයින් පත් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ඇමැතීමෙන් ලබාගත හැක. මධ්‍යම සහ නැගෙනනහිර පළාත වෙනුවෙන් 0743442505 යන අංකයටද, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත වෙනුවෙන් 0777718303 යන අංකයටද, දකුණ සහ ඌව පළාත වෙනුවෙන් 0743449388 යන අංකයටද, සහ බස්නාහිර පළාත වෙනුවෙන් 0743451550 යන දුරකථන අංකයටද අමතා වැඩිදුර තොරතුරු දැනගත හැක.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee