slc
logo
Home   |    News
මැයි 25, 2023
ශ්‍රී ලංකා – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ අළෙවිය හෙට සිට

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය මැයි මස 26 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

රුපියල් 300, 400, 500 සහ 750 යන මිල ගණන් යටතේ අළෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩේවිය වන www.srilankacricket.lk පිවිසීමෙන් මිලදී ගත හැක. හෙට ප.ව. 9.00 සිට මෙම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාවන අතර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී හිමි QR කේතය තරග දිනයන්හිදී මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් රැගෙන ආ යුතු වේ.

දෙරට අතර එක්දින තරගාවලිය ජූලි මස 02 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ වේ. මෙම තරගාවලියේ දෙවැනි තරගය ජූලි 04 වැනිදාත් සහ තෙවැන්න ජූලි 07 වැනිදාත් හම්බන්තොටදී පැවැත්‌වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest