slc
logo
Home   |    News
ජූනි 10, 2023
අන්තර් පළාත් පළමු ශතකය උතුරු මැද පිළේ මදුරංග ජයලත්ගෙන්

sinhala editor

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසු ආරම්භ වුණු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජජනය කළ මදුරංග ජයලත් පන්දු 96 කදී ලකුණු 133 ක් වාර්තා කිරීමට සමත්විය. උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව අනුරාධපුරයේදී පැවැති මෙම තරගයේද උතුරු මැද පළාත් කණ්ඩායම ලකුනු 257 ක දැවැන්ත තරග ජයක්ද වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ.

පළමුව පන්දුවට පහර දුන් උතුරු මැද පළාත් පිල වෙනුවෙන් ශතකයක් වාර්තා ක පොලොන්නරුව රාජකීය විදුහල නියෝජනය කරනු ලබන මදුරංග ජයලත් සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් වර්ණවත් කළේය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු අශාන් ඉසුරංග පන්දු 53 කදී ලකුණු 54 ක් ලබා ගනිමින් උතුරු මැද පළාත් පිල ශක්තිමක් කළේය. මෙම ඉනිම ප්‍රධාන කොට උතුරු මැද පළාත් කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසනදි සියලු දෙනා දැවී ලකුණු 372 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී උතුරු පළාත් කණ්ඩායමට රැස් කරගත හැකි වුයේ පන්දුවාර 32.3 කදී සියලු දෙනා දැවී ලකුණු 115 ක් පමනි.

උතුරු මැද පළාත් පිල පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 372 යි – (මදුරංග ජයලත් 133, අශාන් ඉසුරංග 54, ඉම්ශාල් සියාර්ඩ් 23, චමල්ක විජේරත්න 47, කවීෂ ලියනාරච්චි 27, තිලිණ චන්දීප 20, දිමන්ත අරෝෂ 23, ුගතාස් මුතුලන් 63/2, ජයචන්ද්‍රන් අස්නාත් 63/2, විග්නේස්වරන් ආකාෂ් 54/2, එස්. සුලක්ෂන් 77/3)

උතුරු පළාත් පිල පන්දුවාර 32.3 කදී සියලු දෙනා දැවී ලකුණු 115 යි – (අනන්තන් කජන් 32, එම්. ජේ. සජිත් 25, කවිඳු ගිහාන් 29/4, තිලිණ චන්දීප 15/2 ප්‍රවීන් ප්‍රභාරන් 22/3)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee