slc
logo
Home   |    News
ජූනි 9, 2023
අන්තර් සමාජ විස්සයි-20 අවසන් සටන එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර

sinhala editor

කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ අකිල ධනංජයගේ නායක්තවයෙන් යුතු කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය ලබන 11 වැනි ඉරිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වේ.

ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් දැවී ගොස් තිබියදීය. කෝල්ට්ස් ජයග්‍රහණය වෙනුවෙන් ධනජය ලක්ෂාන් පන්දු 32 කදී ලකුණු 51 කින් දායක වද්දී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 27 කදී ලකුණු 37 ක් ලබා වැඩි දායකත්වයක් දැක්වීය.

මෙම හඹා යෑමේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 17 කදී දැවී ගියද මැතිව්ස්ට එක්වූ ධනංජය තෙවැනි කඩුල්ල වෙනුවෙන් 82 ක සම්බන්ධතාවක් ගොඩනංවන ලද්දේ පන්දු 53 ක් පමණක් වැය කරමිනි. ලක්ෂාන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර වද්දී මැතිව්ස්‌ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සරසා ගත්තේය.

ලකුණු 8 ක් ඇතුළත මැතිව්ස් සහ ධනංජය දෙදෙනාම දැවී ගියද බර කරට ගත් ජෙහාන් ඩැනියල් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 14 කදී නොදැවී ලකුණු 23 ක් ලබා කෝල්ට්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ඊට පසු පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දු 9 කින් ලකුණු 12 ක්ද මුදිත ලක්ෂාන් ලකුණු 11 කින්ද කෝල්ට්ස් ජයග්‍රහණය වෙනුවෙන් දායක වූහ. ඒ අනුව කෝල්ට්ස් කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට පැමිණීමට සමත්වීම කැපී පෙනෙයි.

කෝල්ට්ස් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලලකුණු 147 ක් රැස් කරගත්තේය. ඒස් කැපිටල් පිල වෙනුවෙන් පවන්ත වීරසිංහ පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 73 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.

ඉනිම ආරම්භයේදී පළමු කඩුලු 4 ම ලකුණු 35 කදී බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්වද්දී පවන්තට එක්වුණු සකුණ ලියනගේ පන්දු 20 කදි ලකුණු 20 ක් ලබා පස්වැනි කඩුල්ල වෙනුවෙන් 54 ක සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වූහ. පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් පන්දුවාර 3 කදී ලලකුනු 30 කට කඩුලු 4 ක් දවා ගනිද්දී උදිත් මදුෂාන් ලකුණු 29 ක කඩුලු 2 ක් දවා ඒස් කැපිටල් පිලට අභියෝගයක් ගෙන දුන්හ.

ඒස් කැපිටල් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුනු 147 යි – (පවන්ත වීරසිංහ 73, සකු ලියනගේ 20, රවිඳු රත්නායක 10, සිතාර ගිම්හාන් 13, තනුක දාබරේ 02, රොෂාන් ජයතිස්ස 10 තීරක රණතුංග 01, වනුජ සහන් 06, නිම්සර අතරගල්ල 07*, කවිඳු අමන්ත 02*, ධනංජය ලක්ෂාන් 30/4, උදිත් මදුෂාන් 29/2, දුනිත් වෙල්ලාලගේ 02/1)

කෝල්ට්ස් පන්දුවාර 18.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 152 යි – (ධනංජය ලක්ෂාන් 51, ඇන්ජලෝ මැතිව්ස් 36, ජෙහාන් ඩැනියල් 23*, දුනිත් වෙල්ලාලගේ 12, මුදිත ලක්ෂාන් 11*, සංගිත් කුරේ 07, යශෝධ ලංකා 06, සිතුම් දිසානායක 29/2, නිම්සර අතරගල්ල 27/1, රොෂාන් ජයතිස්ස 15/1, තනුක දාබරේ 30/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee