slc
logo
Home   |    News
ජූනි 13, 2023
ඇලහැරෙන් බිහි වූ දක්ෂම පන්දු යවන්නා – ළහිරු මධුශංක

sinhala editor

ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි 20 වැනි රටේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලියේ දක්ෂම පන්දු යවන්නාවීමට අවස්ථාව උදාවීම පිළිබඳව නිරහංකාරව සතුටු වන්නේ යැයි මේජර් විස්සයි 20 තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරුණු බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ වේගපන්දු යවන ළහිරු මධුශංක ප්‍රකාශ කරයි.

“අවසාන පූර්ව තරගයට ඒමට අවස්ථාව නොලැබුණේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි. කෝල්ට්ස් සමඟ මූලික වටයේ අවසාන තරගයේදී අප පරාජය වූයේ අවසාන පන්දුවේදී ඔවුන් ලකුණු දෙකක් ලබා ගැනීමෙනුයි. මූලික වටයේ අප තරග හතරෙන් තුනක්ම ජයගෙනයි සිටියේ. කෝල්ට්ස් සමඟ තරගය ජයගත්තා නම් අපට මේ තරගාවලියේ පෙරළියක් කිරීමට අවස්ථාව තිබුණා යැයි ළහිරු පවසයි.“

“තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාවීමට මා හට කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගෙන් සහය ලැබුණා. ඊට ස්තුතියි. කණ්ඩායමට මෙවැනි ගෞරවයක් හෝ ගෙන ඒමට අවස්ථාව ලැබීම ගැන මා සතුටු වනවා” යැයි ළහිරු මධුශංක කියයි.

අපට ලබා ගැනීමට නොහැකි වූ ගෞරවයෙන් මේ මස 23 වැනිදා ඇරැඹෙන මේජර් තුන්දින තරගාවලියේදී අත්කර ගැනීමට අපේක්ෂා කරන බව පවසන ළහිරු අපගේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන හෙයින් එහිදී ද ඔවුනගේ දක්ෂතා දැක ගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි පවසයි.

“අපගේ පුහුණුකරු ෂානුක ප්‍රනාන්දු කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් විශාල වගකීමක් ඉටු කළා. ඉදිරියේ එන තුන්දින තරගාවලියේදී අපගෙන් අහිමි වූ ජයග්‍රහණ නැවත අත්කර ගැනීමට කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් අපේක්ෂාවෙන් පසුවනවා” යැයි ද මධුශංක කියයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර උපත ලද ළහිරු මධුශංක එහි ප්‍රාථමික අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩාවට පෙන් වූ දස්කම් මත මාතලේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර පසුව ශ්‍රී ලංකා එමර්ජින් පිල 23න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හරහා ශ්‍රී ලංකා ජාතික පිල ද නියෝජනය කර සිටී.

ජාතික කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකා සංචාරයේදී දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩු ප්ලෙසිස් තරග තුනකදී පිට පිටම තෙවතාවක්ම දවාලීම ළහිරු මධුශංක ලත් විශිෂ්ට ජයග්‍රහණයකි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee