ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එන්සීසී පිටියේ පැවැති එන්සීසී – සෙබස්තියනයිට්ස් අතර තරගයෙන් එන්සීසී පිලට ඉනිමක හා ලකුණු 31ක ජයක් හිමිවිය. මෙම තුන්දින තරගය නිමාවීමට තවත් දිනයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී එන්සීසී පිල මෙම අනගි ජයග්‍රහණය අද (30) වාර්තා කළේය.
මේ අතර එස්එස්සී පිලේ ෂෙවෝන් ඩැනියෙල් මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වීම දිනයේ කැපී පෙණෙන සිදුවීමක් විය. ඔහු පන්දු 180කදී හයේ පහර 9ක් හා හතරේ පහර 25ක් සමග ලකුණු 209ක් ලබා ගත්තේය.
එන්සීසී – සෙබස්තියනයිට්ස් තරගයේ කාසියේ වාසිය දිනාගත් සෙබස්තියනයිට්ස් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 120ක් ලබාගත් අතර, පළමු දිනය නිමාවෙද්දී එන්සීසී පිල ලකුණු 91ක් ඉදිරියෙන් සිටි අතර, අද දෙවැනි දිනයේ පළමු ඉනිමට ලකුණු 304ක් රැස් කළේය. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සදහා සෙබස්තියනයිට්ස් පිල ලකුණු 184ක් ලබාගත යුතු වුවද ඔවුන් දෙවැනි ඉනිමේ සියලු දෙනා ලකුණු 153කට දැවී ගියහ. අනගි පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 5ක් හා චාමික ගුණසේකර, අශේන් ඩැවියෙල් කඩුලු 2 බැගින් බිදහෙලූහ.
නිරෝෂන් දික්වැල්ල හා නායක ළහිරු උදාර එක්ව පළමු කඩුල්ලට ලකුණු 195ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, නිරෝෂන් දික්වැල්ල පන්දු 95කදී හයේ පහරක් හා හතරේ පහර 15ක් සමග ලකුණු 122ක් හා ළහිරු උදාර පන්දු 140කදී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමග ලකුණු 134ක් ලබා ගත්හ.
සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම ලකුණු 120 (ඕවර් 40) – අභිෂේක් ලියනාරච්චි 19, චිතම්බරම් ගෞතම් 12, ඉසිවර දිසානායක 24, කවිඳු රණසිංහ 15, තරිදු රත්නායක 20 (අසේල් සිගේරා 30/3, ලසිත් ඇඹුල්දෙනිය 44/2, අෂේන් ඩැනියෙල් 26/3
එන්සීසී පිල පළමු ඉනිම ලකුණු 304 (54.2) – නිරෝෂන් දික්වැල්ල 122, ළහිරු උදාර 134, (ඉසිත විජේසුන්දර 40/5, සශ්‍රීක පුස්සෙගොල්ල 85/3)
සෙබස්තියනයිට්ස් පිල දෙවැනි ඉනිම ලකුණු153 (ඕවර් 41.1) – අමට්යා කාවුල් 17, චිදම්බරම් ගෞතම් 16, ඉසිවර දිසානායක 32, ඉසිත විජේසුන්දර 26, තරිඳු රත්නායක 25 (ලසිත් ඇඹුල්දෙනිය 59/5, අෂේන් ඩැනියෙල් 55/2, චාමික ගුණසේකර 18/2)
හලාවත මේරියන්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම ලකුණු 344 (ඕවර් 89.1) – සරූල් කන්වර් 18, කසුන් විදුර81, රවීන් යසස් 54, චමෝද් සඳරූ 44, කේසර නුවන්ත 18 (ළහිරු මධුසංඛ 37/3, සහන් නානායක්කාර 89/3, සදුන් වීරක්කොඩි 34/2)
එස්එස්සී – මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී
එස්එස්සී පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 429 (ඕවර් 89.4) – අවිශ්ක ප්‍රනාන්දු 76, ක්‍රිෂාන් සංජුල 26, ෂෙවෝන් ඩැනියෙල් 209, නිසල තාරක 28, දිනුර කලුපහන නොදැවී 57 (ධනුෂ්ක සඳරුවන් 82/3, සචිඳු කොළඹගේ 78/2, ජාටින් සක්සේනා 56/2)
සීසීසී – නුගේගොඩ අතර තරගය සීසීසී පිටියේදී
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම ලකුණු 168 (ඕවර් 56.1) – ජේසන් පෙරේරා 72, පැතුම් දිල්ෂාන් 23, රනිත ලියනාරච්චි 29 ( අශාන් ප්‍රියංජන 32/2, චතුරංග ද සිල්වා 38/2, සොනාල් දිනූෂ 14/3)
සීසීසී පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 143 (ඕවර් 33) – මිනෝද් භානුක 24, පවන් රත්නායක නොදැවී 63, අශාන් ප්‍රියංජන නොදැවී 38 (දිල්ෂාන් අබේසිංහ 31/2)
කොල්ට්ස් – බීආර්සී අතර තරගය කෝල්ට්ස් පිටියේදී
බීආර්සී පළමු ඉනිම ලකුණු 144 (ඕවර් 47.2 ) – භාග්‍ය දිසානායක 21, ලියෝ ප්‍රනාන්දු 21, දිල්රුවන් පෙරේරා 56 ( අකිල ධනංජය 59/3, ධනංජය ලක්ෂාන් 29/2, මල්ක මධුසංඛ 0/2)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 182 ( ඕවර් 42) – යශෝද ලංකා 18, සංගීත් කුරේ නොදැවී 87, ධනංජය ලක්ෂාන් 35, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 38 (මොහොමඩ් සිරාෂ් 43/1, සශික දිල්ෂාන් 41/1)
රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 307 (ඕවර් 88) – සිනෙත් ජයවර්ධන 15, පවන් සංදේශ් 52, රොෂාන් විජේනායක 71, සමාත් සේත් නොදැවී 74, කොෂාන් ජයවික්‍රම 31, නිමේෂ් විමුක්ති නොදැවී 46 සන්තුෂ් ගුණතිලක 35/2)
කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී
ටැමිල් යූනියන් පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 321 (ඕවර් 90) – නවෝද් පරණවිතාන 32, ලසිත් අබේරත්න 99, රවිඳු ප්‍රනාන්දු 107, ප්‍රමොද් මධුෂාන් 28 ( චමින්ද බණ්ඩාර 81/2, සනෝජ් දර්ශික 45/3)
ගුවන් හමුදාව – මුවර්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී
මුවර්ස් පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 366 (ඕවර් 88 ) – ෂොහාන් ඩී ලිවේරා 130, පසිඳු සූරියබණ්ඩාර 15, ජනිෂ්ක පෙරේරා 124, රමේෂ් මෙන්ඩිස් නොදැවී 60, මොහොමඩ් සමාෂ් නොදැවී 26 ( ලසඳ රුක්මාල් 46/1, මොවින් සුබසිංහ 103/1, නිපුන් කාරියවසම් 34/1, චතුර බන්දුනු 100/1)
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ලකුණු 239 (ඕවර් 82.3) – සිතාර ගිම්හාන 126, හර්ෂ කුරේ 29, වනුජ සහන් 32 (පර්වස් රසූල් 95/3, අලංකාර අසංක සිල්වා 67/4, චානක කොමසෝරු 59/3 )
බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 37 (ඕවර් 13) – අදීල් රෙෂී නොදැවී 16 (වනුජ සහන් 19/2)
කැන්ඩි කස්ටම් – යුද හමුදාව අතර තරගය පනාගොඩ ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම් පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 145 ( ඔවර් 54) – තෙවිදු දික්වැල්ල 20, අභිෂේක් ගුප්තා 38, මිතුන් ජයවික්‍රම 25, අනුරීට් සිං නොදැවී 24 ( කෞමාල් නානායක්කාර 56/4, ෂෙහාඩා සොයිසා 47/2)