ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම අවසාන ඕවරයේදී ලකුණු 13ක ජයක් ලැබීය.
ඒස් කැපිටල් කඩුලු 8කට ලකුණු 164ක් ලබාගත් අතර එස්.එස්.සී. එම ලකුණු ප්‍රමාණය හඔායද්දී වරක් කඩුල්ලකට ලකුණු 84ක් (නවවන ඕවරයේදී) ලබා සිටියත් පසුව ළඟ ළඟම කඩුලු දැවී ගියහ..
ඒස් කැපිටල් කණ්ඩායමේ සකුන ලියනගේ මෙදින පන්දු 37කදී ලකුණු 67ක් ලබා දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
- කුරුණෑගල යූත් කඩුලු හතකින් බදුරලිය පරාජය කරයි
සරවනමුත්තු පිටියේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී කුරුණෑගල යූත් කඩුලු හතක පහසු ජයක් අත්කර ගත්තේ තවත් පන්දු වාර 10.4ක් (පන්දු 64ක්) ඉතිරිව තිබියදීය.
මේ තරගයේදී තුන් ඉරියව්වේම දස්කම් පෑ නවීන් ප්‍රනාන්දු ලකුණු 17කට කඩුලු දෙකක් දවා පසුව ලකුණු 25ක් ලබා ගත්තේ පන්දු 19කට මුහුණදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟය.
බදුරලිය කඩුලු 7ට 87 (පන්දු වාර 11යි) – යේසිත් රූපසිංහ 28, රොහාන් සංජය 26, නරේන් මුරලිදරන් 09, නවීන් ප්‍රනාන්දු 17/2, දිලංක අවුවාඩි 16/1යි)
කුරුණෑගල යූත් කඩුලු 3ට 90 (පන්දු වාර 9.2යි) – (මිතිර තෙනුර 28, නවීන් ප්‍රනාන්දු 25, දිල්ෂාන් කොල්ලුරේ 15, වෙනුර ගයාෂාන් 15/1යි)
ඒස් කැපිටල් ලකුණු 13කින් එස්.එස්.සී.පරාජය කරයි
සරවනමුත්තු පිටියේ පැවැති ‘සී‘ කොටසට අයත් වූ මේ තරගයේදී ඒස් කැපිටල් ලබාගත් ලකුණු 164 හඹායද්දී එස්.එස්.සී. නව වන ඕවරය වන විට කඩුලු එකකට ලකුණු 84ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියත් පසුව අවසාන කඩුලු නවයම ලකුණු 67ක් එක් වද්දී දැවී ගියේය.
ඒස් කැපිටල් වෙනුවෙන් සකුන ලියනගේ පන්දු 39කදී හතරේ තුනක් හයේ පහක් සමඟ ලකුණු 67ක් ද වනුජ සහන් කුමාර ලකුණු 21ක් ද රැස් කළහ. මොවුනගේ හොඳම සබඳතාව වූයේ හයවන කඩුල්ලට සකුන ලියනගේ සහ වනුජ සහන් පන්දු 42කදී රැස් කළ ලකුණු 62යි.
එස්.එස්.සී. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33කදී හතරේ හතරක් හයේ දෙකක් සමඟ ලකුණු 41ක් ද ෂෙවෝන් ඩැනියල් පන්දු 31කදී හතරේ තුනක් සහ හයේ දෙකක් සමඟ ලකුණු 40ක් ද රැස් කළහ. ක්‍රිෂාන් සංජුල ලකුණු 26ක් ලබා ගත්තේ පන්දු 13කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟය.
ඒස් කැපිටල් කඩුලු 8ට 164 (පන්දු වාර 20යි) – සකුන ලියනගේ 67, වනුජ සහන් කුමාර 21, රොෂාන් ජයතිස්ස 18, පවන් රූපසිංහ 16, කළණ පෙරේරා 25/3, නිසල තාරක 22/2)
එස්.එස්.සී. සියල්ල දැවී 151 (පන්දු වාර 19.1යි) – (අවිශ්ක ප්‍රනාන්දු 41, ෂෙවෝන් ඩැනියල් 40, ක්‍රිෂාන් සංජුල 26, චමිඳු වික්‍රමසිංහ 12, රොෂාන් ජයතිස්ස 24/3, පවන් වීරසිංහ 32/2යි)