slc
logo
Home   |    News
ජූනි 12, 2023
කාන්තා ‘ඒ‘  පිල පළමු අභියෝගය ජය ගනියි

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති එම තරගයේ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

හොංකොං හී කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 95ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා ‘එ්‘ පිල ඕවර් 19.5කදී කඩුලු 7කට ලකුණු 96ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල එක් අවස්ථාවකදී කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටියද, ඉතිරි කඩුලු 8ම ලකුණු 32ක් තුල දවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලේ කඩුලු 4ක් ලකුණු 16කට දවා ගැනීමෙන් හා නොදැවී ලකුණු 11ක් වාර්තා කොට දස්කම් දැක්වූ මධුෂිකා මෙත්තානන්ද තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත්වූ අතර, අය පන්දු 32කදී හතරේ පහරක් සමග ලකුණු 21ක් ලබා ගත්තාය. ඉමේෂා දුලනි පන්දු 28කදී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූවාය.

මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව නැගී එන කණ්ඩායම් ලෙස ‘ඒ‘ කණ්ඩායම් සහභාගී කර ඇති අතර, මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සත්කාරක හොංකොං යන රටවල් සිය ජාතික කණ්ඩායම් එක්කොට ඇත.

‘ඒ‘ හා ‘බී‘ ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය සංවිධානය කොට ඇති අතර, බංග්ලාදේශ ‘ඒ‘, මාලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් ශ්‍රී ලංකා ‘ඒ‘ සමග ‘බී‘ කාණ්ඩයෙන් තරග වදිති. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ නායකත්වය සත්‍යා සංදීපනීට පැවැරී ඇති අතර, උප නායිකාව ලෙස මල්ෂා ශෙහානී නම්කොට ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා පිල ලකුණු 95 ( 19.3)

ත්‍රීතා සැටිස් 16, ඒෂා ඕෂා 39, කුෂී ෂර්මා 14 (  මධුෂිකා මෙත්තානන්ද 16/4, සත්‍යා සන්දීපනී 19/1, මල්ෂා ෂෙහානී 13/2, නිමාෂා මීපගේ 17/2)

ශ්‍රී ලංකා කාන්තා ‘එ්‘ පිල කඩුලු 7කට ලකුණු 96 (19.5)

විශ්මි ගුණරත්න 21, උමේෂා තිමාෂානී 10, කෞෂනී නුත්‍යාංගනා 14, ඉමේෂා දුලනි 15, නිලක්ෂනා සඳමිණි 12, මධුෂිකා මෙත්තානන්ද නොදැවී 11 ( චායා මුගල් 16/1,  ඒෂා ඕෂා 10/2, ඉන්දුජ නන්දකුමාර 11/2)

බංග්ලාදේශයට ලකුණු 97ක ජයක්

හොංකොං හී කොව්ලූන් මිෂන් රෝඩ් ක්‍රීඩා පිටියේ පැවැති බංග්ලාදේශ ‘ඒ‘ පිල හා මලයාසියානු පිල අතර තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 97ක ජයක් හිමි විය.  කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ ‘ඒ‘ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිල කඩුලු 6කට ලකුණු 148 (20)

ෂොබානා මුස්ටරි 14, මුර්ෂිඩා කාතුන් නොදැවී 57, ෂොර්නා අක්තර් 20, රෙබෙයා ඛාන් නොදැවී 15 ( ඉසාටී ඉස්මයිල් 21/2, අයිෂ්‍යා එලීෂා 20/2, නූර් ඩානියා 25/2)

මලයාසියානු කාන්තා පිල කඩුලු 8කට ලකුණු 51 (20)

අයිනා හමීෂා නොදැවී 13 ( රෙබෙයා ඛාන් 7/2, මරූෆා අක්ටෙර් 16/1, සන්ජිඩා අක්ටෙර් 6/1, නහීඩා අක්ටෙර් 9/1, සුල්තානා කාතූන් 10/1)

 

 

 

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee