slc
logo
Home   |    News
ජූනි 9, 2023
දිමුත් ස්ථානය තහවුරු කර ගනියි

sinhala editor

By Chamila Karawita

සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා නම් කර ඇති 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායක ආරම්භක පිතිකරු දිමුත් කරුනාරත්නව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පෙරහුරු තරග 8 කින්ද සමන්විත මෙම තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10 දා) අළුයම දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මෙම තරගාවලියට පෙර සුදානමකින් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්තානු පිල සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අවස්ථාව සලසා දුන් අතර එහිදී ප්‍රවීණ පිතිකරුවන්වන දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලිය සදහා කැදවනු ලැබීය. මෙහි පළමු තරගයට ක්‍රීඩා කළ මැතිව්ස් අසාර්ථක වූ බැවින් ඉතිරි තරග 2 දී කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූ නමුත් දිමුත් කරුණාරත්න පිට පිටම අර්ධ ශතක රැස් කරමින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත්වූවේය.

මැතිව්ස් වෙනුවට දෙවැනි තරගය සඳහා යොදවන ලද සදීර සමරවික්‍රම දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි භාරයක් සිදුකළ බැවින් ඔහුව තවදුරටත් සංචිතයේ රදවා ගැනීමට පියවර ගැනිණ. ඔහුට අමතරව මාස 10 කට පසුව පමණ එක්දින තරග අංශයට පිවිසි දුෂ්මන්ත චමීර ද ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේදී දක්ෂතා දක්වමින් අවසන් 15 දෙනා අතරට තේරී පත්ව සිටියි.

මෙම තරගාවලිය සඳහා වන 30 දෙකෙුගෙන් සමන්විත මූලික සංචිතය සදහා කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා ඇතුළත් කරන ලද නමුත් ඔහුගේ උරහිසේ ඇතිවී තිබෙන ආබාධය තවමත් සුව අතට පත් නොවීම නිසා ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා දොරටු විවර වී නොමැත.

මේ අතර මෙම වසර මුලදී ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලිය සදහා සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි  පා දඟ පන්දු යවන්නා ලෙසින් ඇතුළත්ව සිටි ජෙෆ්රි වැන්ඩර්සි වෙනුවට, එංගලන්ත ලයන්ස් පිලට එරෙහි එක්දින තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තේරී පත්වූ දුෂාන් හේමන්ත පැමිණ සිටියි. ඊට අමතරව ඉන්දීය තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණු දුනිත් වෙල්ලාලගේ, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුශංක සහ අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය නිල වශයෙන් ජුනි මස 18 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර පැවැත්වෙන පෙර පුහුණු තරග මෙම මස 13 වැනිදා සිට පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ‘බී’ කාණ්ඩ‌ය යටතේ තරග වදින අතර අයර්ලන්තය, ඔ්මානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් යන කණ්ඩායමේ මූලික වටයේ ප්‍රතිවාදීහු වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුනාරත්න, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රජිත, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දුෂාන් හේමන්ත.

 

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee