slc
logo
Home   |    News
ජූනි 30, 2023
දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ‌මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය.

ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට පෙර දිනයේදී මෙම සුහද හමුව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජුනි 29 වැනිදා පස්වරුවේ පැවැත්විණ. එදින පස්වරුවේදී එම ක්‍රීඩිකාවන් හමුවූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන් සිය සමරු අත්සන් සහ ඡායාරූප සැසියකට සහභාගිවූවා පමණක් නොව ඔවුන් සමඟ සුහද පුහුණු සැසියකද නිරත වීම කැපී පෙනිණ.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සහ තෙවැනි එක්දින තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. දෙවැනි එක්දින තරගය ‌ජුනි මස 30 වැනිදා පෙ.ව. 10.00 සිට ආරම්භ වේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest