slc
logo
Home   |    News
ජූනි 4, 2023
බේබි ඒ.බී. – දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල දිනවයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ඒ.බී. ඩිවිලියර්ස්ගේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙසින් ක්‍රිකට් ලොව හඳුන්වනු ලබන බේබි ඒ.බී. හෙවත් ඩීවල්ඩ් බ්‍රේවිස් පන්දු 71 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 98 ක ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව අද (04 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති නිල නොවන පළමු එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට දකුණු අප්‍රිකානු ‘ඒ කණ්ඩායමට අවස්ථාව ලැබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් කරා ගිය ගමනේදී පළමු කඩුලු 5 ම ලකුණු 104 කදී බිඳ වැටී තිබියදී අංක 7 වැනි පිතිකරුවා‌ ලෙසින් පිටියට පිවිසි බ්‍රේවිස් පළමුව සිනෙතෙඹ කිනිශිලේ සමඟ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ද අංක 8 පිතිකරුවා ලෙසින් පැමිණි බෙයර්ස් ස්වෙන්පෝල් සමඟ එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියහ.

සමස්ථ ශ්‍රී ලංකා ඉනිමෙන්ම වාර්තා වූයේ එක්හයේ පහරක් වුවත් බේබි ඒ.බී. අද දිනයේදී තම ඉනිම දැවැන්ත හයේ පහර 7 කින් සහ තවත් හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන තිබුණේය.

තවමත් 20 වැනි වියේ පසුවන බේබි ඒ.බී. තරගය නිමා කළේ ද අෂේන් බණ්ඩාරට එල්ල කරන ලද දැවැන්ත හයේ පහරකිනි. ඒ වන විටත් අනෙක් අන්තයේ ඔහුට සහාය ලබා දුන් බෙයර්ස් ස්වෙන්පෝල් පන්දු 28 කදී ලකුණු 43 ක් ලබා දකුණු අප්‍රිකානු ජයග්‍රහණය ඉක්මන් කිරීමට සහයෝගය ලබා දුන්නේය.

කඩුලු 4 ක ජයක් ලෙසින් දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලේ ජයග්‍රහණය සනිටුහන් වන විටත් ඔවුන් සතුව තවත් පන්දු 53 ක් ඉතිරිව තිබිණ. ක්‍රීඩාංගණය වටා වන අංශක 360 ටම පන්දුව යැවීමට ඇති හැකියාව නිසා ලොව පුරා ක්‍රිකට් රසිකයින් ඩෙවෝල්ඩ් බ්‍රේවිස් හඳුන්වනු ලබන්නේ බේබි ඒ.බී. නමිනි. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනු බ්‍රේවිස් එම වයසේදීම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානම කණ්ඩායමක් වන මුම්බායි ඉන්ඩියන්ස් විසින් තෝරා ගනු ලැබීය. මේ නිසා බොහෝ දෙනා බ්‍රේවිස් පිළිබඳව අවධානය යොමු කර සිටිති.

බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව දැඩි අපහසුතාවායකට ඇද දැමූ මොවුන් දෙපළ තරගාවලිය 1-0 ක් ලෙස තමන්ගේ වාසියට හරවා ගත්තේ මෙම තරගයේ ජය ශ්‍රී ලංකාව වෙතට ද නතුව තිබියදීය.

කාසියේ වාසියත් ශ්‍රී ලංකා ‘ඒ’ නායක නිපුන් ධනංජය පන්දුවට පහර දීම තෝරා ගත්තද ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ වේලානම දවා ගැනීමට දකුණු අප්‍රකිානු පිල සමත්විය. අංක 3 පිතිකරුවා ලෙස පැමීණී නුවනිඳු ප්‍රනාන්දු සහ නායක නිපුන් ධනජය දැවී යනවිට ශ්‍රී ලංකා ඒ ඉනිම කඩුලු 3 කට ලකුණු 39 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් තම අන්තය ආරක්ෂා කරගැනීමට වග බලා ගත් නිශාන් මදුශ්ක සහන් ආරච්චිගේ සමඟ එක්ව ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩ නඟන්නේ ශ්‍රී ලංකා පිල ආරම්භයේදීම වැටී සිටි ආගාධයෙන් ගොඩ ගනිමිනි. අනෙක් අන්තයෙන් කඩුලු බිඳ වැටීම නිසා ලකුණු ලබා ගැනීමට වඩා මදුෂ්ක අවධානය යොමු කරන ලද්දේ සිය අන්තය ආරක්ෂා කර ගැනීමටය. එම නිසා ඔහු ලබා ගත් ලකුණු 68 සඳහා පන්දු 82 ක් වැය කර තිබුණි. හතරේ පහර 8 කින් සමන්විත එම ‌ඉනිම නොවන්නට ශ්‍රී ලංකා පිලට මීට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට හොඳින්ම ඉඩ කඩ තිබිණ.

ඉනිමේ හරි අඩක් හෙවත් 25 පන්දුවාරය වන විට මදුෂ්ක දැවී යන විට ශ්‍රී ලංකා ඒ ඉනිම සටහන් වුයේ කඩුලු 5 කට ලකුණු 119 ක් ලෙසිනි. එහෙත් අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ජනිත් ලියනගේ හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණ් 76 ක් ලබා ගත් අතර දුනිත් වෙල්ලාලාගේ  පන්දු 17 කදී ලකුණු 15 ක් ලබා ගත්තේය. පන්දු 32 කින් ලකුණු 22 ක් ලබා ගත් සහන් ආරච්චිගේ දැවී ගිය නමුත් පිටියට පිවිසි අෂේන් බණ්ඩාර පන්දු 51 කින් ලකුණු 41 ක් ලබා ගනිමින් මැද පෙළ ශක්තිමත්  කළේය.

ශ්‍රී ලංකා ඒ පන්දුවාර 50 කදී කඩුලු 8ට ලකුණු 264 යි – (නිශාන් මදුෂ්ක 68, ජනිත් ලියනගේ 76*, වෙල්ලාලගේ 15, සහන් ආරච්චිගේ 22, අෂේන් බණ්ඩාර 41, ලසිත් කෲස්පුල්ලේ 04, නුවනිඳු ප්‍රනාන්දු 07, නිපුන් ධනංජය 01, ලක්ෂාන් සඳකැන් 04, ප්‍රමෝද් මදුශාන් 08*, ලුතෝ සිපම්ලෝ 33/3)

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 41.1 කදී කඩුලු 6 ට ලකුණු 268 යි – (ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 98*, බෙයර්ස් ස්වෙන්පෝල් 43*, ටෝන් ද සෝර්සි 35, කීගන් පීටර්සන් 42, මැතිව් බ්‍රීට්ස්කි 14, සෙනුරන් මුතුසාමි 09, සිනෙතෙඹ කිනිශිලේ 22, ඩිල්ෂාන් මදුශංක 44/2, ලක්ෂාන් සඳකැන් 69/2)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest