slc
logo
Home   |    News
ජූනි 6, 2023
මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

sinhala editor

Chamila Karawita reporting from Pakkekele

නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) නිමාවට පත් වුණු දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. මොවුන් දෙදෙනාට අමතරව ජනිත් ලියනගේ දක්ෂ පන්දු යැවීමත් (32/2) සහ සහන් ආරච්චිගේ (50*)ගේ දක්ෂ පිතිහරඹයත් ශ්‍රී ලංකාව ලැබූ පහසු ජයග්‍රහණයට මං පෙත් විවර කළහ.

පළමු තරගයේදී පරාජයෙන් පසු තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක මෙම තරගය ජය ගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය 1-1 ක් ලෙස සම කරමින් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය තෙවැනි තරගය දක්වා කල් දමා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් දකුනු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එම ඉලක්කය සදහා වැය කරන ලද්දේ ප්දුවාර 29 ක් පමණි.

ටෙස්ට් තරග අංශයට පමණක් නොව එක්දින තරග අංශයටද තමන් පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව පෙන්වා දුන් මදුෂ්කගේ නොබිඳුණු ලකුණ 107 ක ඉනිම එම ජයග්‍රාහී හඹා යෑමේ දැවැන්තම පවුර විය. සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 කින් සමන්විත වු මදුෂ්ක‌ ඒ සඳහා මුහුණ දී තිබුනේ පන්දු 85 කට පමණි. ඒ අනුව ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වූයේ ලකුණු 126 ට ආසන්න (125.88) අගයක් ලෙසිනි.

ලසිත් කෲස්පුල්ලේ (04), නුවනිඳු ප්‍රනාන්දු (00) සහ නිපුන් ධනංජය (08) යන තිදෙනාම එක්ව රැස් කරන ලද්දේ ලකුණු 12 ක් පමක් වුවද මදුෂ්කගේ ප්‍රවේගකාරී ඉනිම නිසා තෙවැනි පිතිකරුවා ලෙසින් ධනංජය පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 74 ක් ලෙසින් සටහන් විය. ඒ අනුව ඉතිරි ලකුණු 62 න් ලකුණු 54 ක්ම මදුෂ්කගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනිණ.

පසුව මදුෂ්කට එක්වූ සහන් ආරච්චිගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන්නද ඩිල්ෂාන් මදුශංකගේ විශිෂ්ඨ පන්දු යැවීම ප්‍රධාන කොට දකුණු අප්‍රිකානු ‘ඒ’’ පිල වරෙක ලකුණු 42 ක් ඇතුළත කඩුලු 7 ක් අහිමි කරගෙන සිටියහ. ඒ අතර පළමු තරගයේදී ලකුණු 98 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ‘ඒ පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය බේබි ඒ.බී. හෙවත් ඩෙවෝල්ඩ් බ්‍රේවිස් සහ බෙයර්ස් ස්වෝන් පියෝල් ද ඇතුළත්ව සිටියහ. ආරම්භක පන්දු යවන්නා ලෙසින් සිය පන්දු යැවීම ඇරැඹි මදුශංක තම පළමු පන්දුවාර 6 අවසන් වන විටම ලකුනු 20 කට ප්‍රතිවාදීන් ඉදිරි පෙළ කඩුලු 4 ක්ම දවා ගත්තේ ඔවුනට කිසිවක් කර කියා ගැනීමට අවස්ථාවක් උදා නොකරමිනි. මධුශංකට හොද සහායක් ලබා දුන් ජනිත් ලියනගේ පන්දුවාර 8 කදී නිලකුණු  පන්දුවාරයක්ද සමඟින් ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

එක්දින තරග රටාවේ භයානක පිතිකරුවකු ලෙසින් සැලකෙන බ්‍රේවිස්, තරගය තවදුරටත් රැගෙන එම සදහා සැරසෙද්දීම ජනිත් ලියනගේ ඊට හරස් වූවේය. මැද ඉන්නට පතිත කොට පිට ඉන්න වෙත දෝලනය වී ආ පන්දුවට සම්පූර්ණයෙන්ම බ්‍රේවිස් පරාජයට පත්වීම නිසා ඊට ඉරණම වූයේ ඔහුගේ පිට ඉන්නට ඉහළින් වූ බේල්සයේ පන්දුව වැදීමය.

එහෙත් 8 වැනි කඩුල්ලට එක් වුණු ජෙරල්ඩ් කොඑට්සි (77) සහ ටීරස්ටන් ස්ටබ්ස් (59) එක්ව ලකුණු 111 ක සම්බන්ධත්වක් ගොඩ නැංවීමට සමත්වීම නිසා ලකුණු 100 ට අඩුවෙන් දැවී යෑමේ අවදානමකට ලක්ව තිබුණු දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම ලකුණු 175 දක්වා දිග්ගැස්සිණ. කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ නිශාන් මදුෂ්ක සිදුකරන ලද විශීෂ්ඨ ස්ටම්ප් කිරීමත් සමඟ එම සම්බන්ධතාව මුලු ලකුණු 153 දී බිධ වැටිණ. මෙහිදී කොඑට්සි ලකුණු 77 ක් ද ස්ටබ්ස් ලකුණු 59 ක්ද ලබා ගත්හ.

දෙපිළ අතර පැවැත්වෙ තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය ලබන 08 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 43.2 කදි සියලු දෙනා දැවී ලකුණු 175 යි – (ටිස්ටස් ස්ටබ්ස් 59, ජෙරල්ඩ් කොඑට්සි 77, මැතිව් බ්‍රීට්ස්කි 14, ඩිල්ෂාන් මදුහංක 33/4, ජනිත් ලියනගේ 32/2, සහන් ආරච්චිගේ 18/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 29 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 178 යි – (නිශාන් මදුෂ්ක 107*, සහන් ආරච්චිගේ 50*)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee