slc
logo
Home   |    News
ජූනි 6, 2023
මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

sinhala editor

Chamila Karawita reporting from Pakkekele

නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) නිමාවට පත් වුණු දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. මොවුන් දෙදෙනාට අමතරව ජනිත් ලියනගේ දක්ෂ පන්දු යැවීමත් (32/2) සහ සහන් ආරච්චිගේ (50*)ගේ දක්ෂ පිතිහරඹයත් ශ්‍රී ලංකාව ලැබූ පහසු ජයග්‍රහණයට මං පෙත් විවර කළහ.

පළමු තරගයේදී පරාජයෙන් පසු තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක මෙම තරගය ජය ගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය 1-1 ක් ලෙස සම කරමින් ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය තෙවැනි තරගය දක්වා කල් දමා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් දකුනු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 175 ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එම ඉලක්කය සදහා වැය කරන ලද්දේ ප්දුවාර 29 ක් පමණි.

ටෙස්ට් තරග අංශයට පමණක් නොව එක්දින තරග අංශයටද තමන් පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව පෙන්වා දුන් මදුෂ්කගේ නොබිඳුණු ලකුණ 107 ක ඉනිම එම ජයග්‍රාහී හඹා යෑමේ දැවැන්තම පවුර විය. සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 කින් සමන්විත වු මදුෂ්ක‌ ඒ සඳහා මුහුණ දී තිබුනේ පන්දු 85 කට පමණි. ඒ අනුව ඔහුගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වූයේ ලකුණු 126 ට ආසන්න (125.88) අගයක් ලෙසිනි.

ලසිත් කෲස්පුල්ලේ (04), නුවනිඳු ප්‍රනාන්දු (00) සහ නිපුන් ධනංජය (08) යන තිදෙනාම එක්ව රැස් කරන ලද්දේ ලකුණු 12 ක් පමක් වුවද මදුෂ්කගේ ප්‍රවේගකාරී ඉනිම නිසා තෙවැනි පිතිකරුවා ලෙසින් ධනංජය පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 74 ක් ලෙසින් සටහන් විය. ඒ අනුව ඉතිරි ලකුණු 62 න් ලකුණු 54 ක්ම මදුෂ්කගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනිණ.

පසුව මදුෂ්කට එක්වූ සහන් ආරච්චිගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන්නද ඩිල්ෂාන් මදුශංකගේ විශිෂ්ඨ පන්දු යැවීම ප්‍රධාන කොට දකුණු අප්‍රිකානු ‘ඒ’’ පිල වරෙක ලකුණු 42 ක් ඇතුළත කඩුලු 7 ක් අහිමි කරගෙන සිටියහ. ඒ අතර පළමු තරගයේදී ලකුණු 98 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ‘ඒ පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය බේබි ඒ.බී. හෙවත් ඩෙවෝල්ඩ් බ්‍රේවිස් සහ බෙයර්ස් ස්වෝන් පියෝල් ද ඇතුළත්ව සිටියහ. ආරම්භක පන්දු යවන්නා ලෙසින් සිය පන්දු යැවීම ඇරැඹි මදුශංක තම පළමු පන්දුවාර 6 අවසන් වන විටම ලකුනු 20 කට ප්‍රතිවාදීන් ඉදිරි පෙළ කඩුලු 4 ක්ම දවා ගත්තේ ඔවුනට කිසිවක් කර කියා ගැනීමට අවස්ථාවක් උදා නොකරමිනි. මධුශංකට හොද සහායක් ලබා දුන් ජනිත් ලියනගේ පන්දුවාර 8 කදී නිලකුණු  පන්දුවාරයක්ද සමඟින් ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

එක්දින තරග රටාවේ භයානක පිතිකරුවකු ලෙසින් සැලකෙන බ්‍රේවිස්, තරගය තවදුරටත් රැගෙන එම සදහා සැරසෙද්දීම ජනිත් ලියනගේ ඊට හරස් වූවේය. මැද ඉන්නට පතිත කොට පිට ඉන්න වෙත දෝලනය වී ආ පන්දුවට සම්පූර්ණයෙන්ම බ්‍රේවිස් පරාජයට පත්වීම නිසා ඊට ඉරණම වූයේ ඔහුගේ පිට ඉන්නට ඉහළින් වූ බේල්සයේ පන්දුව වැදීමය.

එහෙත් 8 වැනි කඩුල්ලට එක් වුණු ජෙරල්ඩ් කොඑට්සි (77) සහ ටීරස්ටන් ස්ටබ්ස් (59) එක්ව ලකුණු 111 ක සම්බන්ධත්වක් ගොඩ නැංවීමට සමත්වීම නිසා ලකුණු 100 ට අඩුවෙන් දැවී යෑමේ අවදානමකට ලක්ව තිබුණු දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම ලකුණු 175 දක්වා දිග්ගැස්සිණ. කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ නිශාන් මදුෂ්ක සිදුකරන ලද විශීෂ්ඨ ස්ටම්ප් කිරීමත් සමඟ එම සම්බන්ධතාව මුලු ලකුණු 153 දී බිධ වැටිණ. මෙහිදී කොඑට්සි ලකුණු 77 ක් ද ස්ටබ්ස් ලකුණු 59 ක්ද ලබා ගත්හ.

දෙපිළ අතර පැවැත්වෙ තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය ලබන 08 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 43.2 කදි සියලු දෙනා දැවී ලකුණු 175 යි – (ටිස්ටස් ස්ටබ්ස් 59, ජෙරල්ඩ් කොඑට්සි 77, මැතිව් බ්‍රීට්ස්කි 14, ඩිල්ෂාන් මදුහංක 33/4, ජනිත් ලියනගේ 32/2, සහන් ආරච්චිගේ 18/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 29 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 178 යි – (නිශාන් මදුෂ්ක 107*, සහන් ආරච්චිගේ 50*)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar