slc
logo
Home   |    News
ජූනි 22, 2023
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය අදියර 2 කින්

sinhala editor

මෙරට ප්‍රධානතම පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය මෙම ජුලි මස  23 වැනිදා (සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීල් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ සංවිධානය  කොට ඇත. ඒ අනුව මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ජුනි මස 23 දා සිට ජූලි මස 23 දක්වා ද දෙවැනි අදියර අගෝස්තු මස 25 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වේ. ‘ඒ‘ හා ‘බී‘ වශයෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 22ක් එක්ව සිටින මෙම තරගාවලිය අවසන් මහා තරගය ද ඇතුලුව සමස්ථ තරග සංඛ්‍යාව 82කි.

එල්පීඑල් තරගාවලිය පැවැත්වෙන ජූලි මස 30 දා සිට අගොස්තු මස 20 වැනිදා දක්වා කාලය හැර මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව සෑම සති අන්තයකම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ඒ‘ කාණ්ඩයෙන් පසුගිය ශූර සීසීසී, යුද හමුදාව, එස්එස්සී, කොල්ට්ස්, පානදුර, රාගම, බීආර්සී, මීගමුව, කැන්ඩි කස්ටම්, ගාල්ල හා නුගේගොඩ යන ක්‍රීඩා සමාජ තරග බිමට පිවිසෙති. මෙවර තරගාවලියේ ‘බී‘ කාණ්ඩයට පසුගිය අනුශූර ටැමිල් යූනියන්, මුවර්ස්, එන්සීසී, හලාවත මේරියන්ස්, බදුරලිය, ඒස් කැපිටල්, බ්ලුම්ෆීල්ඩ්, සෙබස්තියනයිට්ස්, ගුවන් හමුදාව, පොලීසිය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් ක්‍රීඩා සමාජ එක්ව සිටිති.

අවසන්වරට පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව පළමු ඉනිමේ ජය අනුව කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) පිල දිනාගත් අතර, අනුශූරතාව ද්‍රවිඩ සංගම් පිලට (ටැමිල් යූනියන්) හිමි විය.  එම අවසන් මහා තරගයේදී ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිමේදී ලකුණු 558ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේය. ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිමට ලකුණු 669ක් ලබා ගැනීම හේතුවෙන් ඉදිරියට පැමිණියේය. කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් කමිදු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන හා චමිදු විජේසිංහ ශතක රැස්කළ අතර, ද්‍රවිඩ සංගම් පිල වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 188ක් වාර්තා කළහ.

එම අවසන් වරට පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙස කොළඹ ක්‍රිකට් සමාජයේ චමිදු විජේසිංහ හා තරගාවලියේ වීරයා ලෙස රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුෂ්ක සම්මානයට පාත්‍ර වූහ.

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ (23) හෙට සිට 25වැනිදා දක්වා පැවැත්වෙන තරග මෙසේය.

යුද හමුදාව හා නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගය පනාගොඩ යුද හමුදා පිටියේදී

එස්එස්සී –  ගාල්ල අතර තරගය එස්එස්සී පිටියේදී

කැන්ඩි කස්ටම් – කොල්ට්ස් අතර තරගය තර්ස්ටන් පිටියේදී

පානදුර – මීගමුව අතර තරගය පානදුරේදී

මුවර්ස් – කුරුණෑගල තරුණ ක්‍රිකට් අතර තරගය බීආර්සී පිටියේදී

එන්සීසී – පොලීසිය අතර තරගය එන්සීසී පිටියේදී

ගුවන් හමුදාව – හලාවත මේරියන්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී

බදුරලිය – සෙබස්තියනයිට්ස් අතර තරගය මග්ගොන සරේ පිටියේදී

බ්ලුම්ෆීල්ඩ් –  ඒස් කැපිටල් අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේදී

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee