ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබේ.
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන බස්නායක මහතාගේ ප්‍රධාත්වයෙන් යුත් ලංකා ප්‍රමියර් ලීග් තාක්ෂණික කමිටුවට හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන තරංග පරණවිතාන, අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ටිරෝන් විජේවර්ධන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික පිල නියෝජනය කළ (1995-1997) සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු කළමනාකරුවරයකු වන ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළත්ව සිටිති.
ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පල්ලකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.