slc
logo
Home   |    News
ජූනි 7, 2023
වේග පන්දු යවන්නෝ තරගාවලි ජයග්‍රහණයට මං පෙත් විවර කරති

sinhala editor

එක්දින තරග ඉතිහාසයේ 400 වැනි එක්දින තරග ජය සනිටුහන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අද (07 දා) අත්කර ගත්තේය. තුන් ඉරියව්වෙන්ම අති විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද මෙම සුපිරි ජයත් සමග තරගාවලිය 2-1 ක් ලෙස ද අවසන් කළෝය.

තරගාවලියේ පළමු තරගය පරාජයට පත්වීමෙන් පසුව ඉතිරි තරග දෙක ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව  සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගන්නා ලද්දේ වසර 10 කට ආසන්න කාලයකින් පසුවය. මීට පෙර එක්දින තරගාවලියේ පළමු තරගය පරාජයට පත්ව අනෙක් තරග දෙක ජය ගනිමින් එක්දින තරගාවලියක් අවසන් වතාවට තරගාවලියක් ජයගෙන ඇත්තේ 2014 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී වේ.

දුෂ්මන්ත, ළහිරු සහ වනිඳු හසරංග යන තිදෙනාගේ වැඩි දායකත්වයෙන් ඇෆ්ගනිස්තානු පිල ලකුණු 120 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය හඹා යෑමේදී පන්දුවාර 34 ක් සහ කඩුලු 9 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.

පළමු කඩුල්ලේ ලකුණු 84 ක සාර්ථක සම්බන්ධතාවත් සමඟ හඹා යෑම ඇරැඹි ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතරින් පැතුම් පළමුව දැවී ගියේ පන්දු 34 කදී ලකුණු 51 ක් ලබා සිටියදීය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර පැතුම් ආරම්භක පිතිකරුවකු ලෙස තමන් වෙතින් තේරීම් කමිටුව තැබූ විශ්වාසය එලෙසින්ම රැක ගත්තේය.

2021 වසරෙන් පසු එක්දින තරගයකට ක්‍රීඩා නොකළ දිමුත් කරුනාරත්න අද දිනයේදී පිට පිටම දෙවැනි වතාවටත් අර්ධ ශතකයක් වාර්තා කරගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හතරේ පහර 7 ක්ද ඇතුළත් වුණු ටෙස්ට් නායකයාගේ ඉනිම පන්දු 45 කදී දිමුත් නොබිඳුණු ලකුණු 56 ක් ලෙසින් සටහන් විය.

වසරකට පසුව එක්දින  පිටියට අවතීර්ණ වුණු දුෂ්මන්ත චමීරත් පළමු තරගයේදී ආබාධයකට ලක්ව දෙවැනි තරගයේදී විවේක ගත් ළහිරු කුමාරත් අද තරගයේ ඇෆ්ගනිස්තානු ඉනිම සුණු විසුණු කර දැමීමේ පුරෝගාමීන් වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී හොද ආරම්භයක් ලබා ගත් ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර 15 වැනි වාරය අවසන් වීමට ම ත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට සමත්වූහ.

දැවී ගිය කඩුලු 6 න් ආරම්භක පිතිකරුවන් වූ රාමනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහිම් සද්‍රාන්ගේ කඩුලු ළහිරු කුමාර විසින් දවා ගනිද්දී දුෂ්මන්ත ඉතිරි පිතිකරුවන් සිවුදෙනාට වගකීවේය. සිය සිව්වැනි කඩුල්ල දවා ගන්නා විටත් චමීර ලබා දී තිබෙු‌ණේ ලකුණු 31 ක් පමණක් වුවත්, ඔහුට කඩුලු 5 දවා ගැනීමේ අවස්ථාව සලසා ලූ ශ්‍රී ලංකා නායකයා එක දිගටම 8 වැනි පන්දුවාරය දක්වා දුෂ්මන්තට අවස්ථාව ලබා දුන්නේය.

22 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ චමීරගේ පන්දුවක් ෆරීඩ් අහමඩ්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රැකි කුසල් මෙන්ඩිස් රැක ගත්තේ යැයි ප්‍රධාන විනිසුරු සංඥා කළද එය අභියෝගයට ලක් කිරීමේදී පිතිකරුවේ පිත්තේ පිටත දාරයේ පන්දුව වැදී ගියත් උඩපන්දුව රැක ගැනීමේචී එය බිම පතිතව රැක ගත් එකක් ලෙසින් තෙවැනි විනිසුරු සංඥා කළේය. එබැවින් දුෂ්මන්තට කඩුලු 5 ක් දවා ගැනීමට තිබූ අවස්ථාව යළි ගිලිහිණ.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් දුෂ්මන්ත චමීරව නම් කෙරිණ. ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 22.2 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (මොහොමඩ් නබී 23, ඊබ්‍රහිම් සද්‍රාන් 22, ගුලාබ්දීන් නයිබ් 20, දුෂ්මන්ත චමීර 63/4, ළහිරු කුමාර 29/2, වනිඳු හසරංග 07/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 16 කදී කඩුල්ලක් දැවී ලකුණු 120 යි – (පැතුම් නිස්සංක 51, දිමුත් කරුණාරත්න 56*, කුසල් මෙන්ඩිස් 11*)

Active filters

Recent Posts

  • ආරාධිත කාන්තා ක්‍රිකට් 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට […]
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ පරදිති
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව  පැවැති තරගයෙන්ද ලකුණු 82 ක […]
  • එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය […]
  • කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි
    ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් […]
  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee