slc
logo
Home   |    News
ජූනි 9, 2023
ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් සිටින්නේ දක්ෂතම පිරිසයි – දසුන් ශානක

sinhala editor

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් බවත්, මෙවැනි හොදම කණ්ඩායමකට අවශ්‍ය වන්නේ විශ්වාසය හා පිළිගැනීම බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. සැමවිටම නායකයෙක් ලෙස පීඩනය තමන්ට වාසියක් කර ගැනීමට සූදානම් හෙයින් ඉදිරි අභීයෝග ජය ගැනීම අපහසු නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා විශ්වාසය පළ කළේය.

ඇෆ්ගනිස්තානයට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් අනතුරුව හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ශානක මේ බව පැවැසීය.

“දැන් අපේ ක්‍රීඩකයින් අතරේ කණ්ඩායම් හැගීම වැඩිවෙලා තියෙනවා. හැම පැත්තෙන්ම දක්ෂයින් ඉන්නවා. ඉදිරියේ හොදින් මුහුණ දෙන්නයි තියෙන්නේ. පසුගිය අවුරුදු එකහමාරක කාලයේ ක්‍රීඩකයින් අත්හදා බැලීම් සියල්ල කර අවසන්. දැන් තියෙන්නේ තේරීම් කමිටුව හරි විදිහට ක්‍රීඩකයින් නම් කරදීම පමණයි. තේරීම් කටයුතුවල වගකීමේ කොටසක් නායකයාට හා පුහුණුකරුට එනවා. සියළු දෙනා එක්ව හොදම කණ්ඩායම තෝරා දීම තමයි දැන් තියෙන්නේ“ ශානක පැවැසීය.

“ක්‍රීඩකයෙක් තරගයකින් දෙකකින් මනින්න බෑ. ඇතැම් අය කියනවා අරයාව මෙයාව අයින් කරන්න කියලා. එළියේ ඉන්න අයට තේරෙන්නේ නෑ ඇතුලේ තත්ත්වය. පසුගිය අවුරුදු දෙකේ ජයග්‍රහණ අනුවයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන්න වුණේ. නමුත් වැදගත් දේ අපි ශ්‍රී ලංකාවේදී කොපමණ තරග ක්‍රීඩා කළාද, එළියේදී කොපමණ තරග කළා ද කියන එකයි. ඒ තරගවලදී මොනාවාද සිදුවුණ අඩුපාඩු. ඒ දේවල් සකසා ගන්නේ කොහොමද කියන එක වැදගත්. කණ්ඩායමක් විදිහට සිදුවූ අඩුපාඩු අපි දන්නවා. අළුත් අය මෙතනට ගෙනත් ඔවුන් අමාරුවේ දැමීම නොවෙයි කළ යුත්තේ. දැන් හොදම කණ්ඩායම ඉන්නවා. ආබාධ වලින් තොරව යන්න පුළුවන් නම් ඉදිරි තරගාවලි ජය ගැනීම අපහසු නෑ“

“ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලිය හොද පටන් ගැන්මක්. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට යද්දී හොද විශ්වසයක් අවශ්‍යයි. ඇෆ්ගනිස්තානය ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් ඉතා හොද ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිසා තරගාවලිය ජය ගැනීම ලෙහෙසි වුණේ නෑ. අද වෙද්දී ඇෆ්ගනිස්තානය ලෝක මට්ටමේ හොද තැනකන ඉන්නවා. තරගාවලියේ පළමු තරගය පරාජයට පත්වෙලා දෙවැනි හා තෙවැනි තරග ජය ගන්න ලොකු දෙයක් කරන්න වුණා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සිම්බාබ්වේහිදී පුහුණු තරග 2ක් තියෙනවා. අපට ඒ තරගාවලිය හොදින් කරන්න පුලුවන් තත්ත්වයක් දැන් තියෙනවා“ දසුන් ශානක සදහන් කළේය.

“ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය තියෙන බුලවායෝ තණතිල්ලට ගැලපෙන සංයෝජනයක් සකස් වුණා. දිමුත්, ඇන්ජලෝ ක්‍රීඩා කරන ආකාරය හා අත්දැකීම් බෙදා ගන්නා ආකාරය වටිනවා. මේ තියෙන ක්‍රීඩක සංයෝජනය හොදයි. අපි වෙනස් කළේ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් පමණයි. යම් යම් ආදේශ කිරීම් කළා. ඒවා සාර්ථකයි. දැනට සිටින අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම ඉහළ නංවා ගැනීම වැදගත්. අපට විශේෂඥ දැනුම ඇති ක්‍රීඩා පෝෂණවේදී වෛද්‍යවරයෙකු හා ක්‍රීඩා මානසික වෛද්‍යවරයෙකු එක්ව සිටිනවා. එක හොද දෙයක්.“

“ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් දුස්මන්ත කෙටි කාලයකට කණ්ඩායමෙන් ඉවත් වෙලා සිටියත් ඔහුගේ රිද්මයේ වෙනසක් නෑ. හැමදාම එක වගේ ඔහු පන්දු යැව්වා. ඒකයි වෙනස. මාලිංගගෙන් පසු ශ්‍රී ලංකා වේග පන්දුව දුස්මන්ත අතේ තිබුණා. ඔහු දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ කරයි“ දසුන් ශානක සදහන් කළේය.

තරග දෙකකදී කඩුලු 6ක් ලබාගත් වේග පන්දු යවන දුස්මන්ත චමීර පැවැසුවේ ශල්‍යකර්මයෙන් මාස 8කට පසු යළිත් ක්‍රිකට් පිටියට පැමිණ දස්කම් දැක්වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවයි.

“ශල්‍යකර්මයෙන් මාස 2කට පස්සේ පුහුණුවීම් ආරම්භ කළා. ඒ කාලේ මා ගොඩක් අවධානය කළේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ පුහුණුවීම් වලට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ එන්එස්එල් තරගාවලියේ තරග 2කට සහභාගී වුණා. හොදින් සුව වෙලා තමයි ආවේ. හම්බන්තොට තණතිල්ල මන්දගාමි නිසා පිතිකරුවන්ට පහරදීම ලෙහෙසි වුණේ නෑ. වේග පන්දු යවන්නන් කණ්ඩායමේ 4ක් ඉන්නවා. ඔවුන් වෙනස් දක්ෂතා ඇති අය. ඒ නිසා කණ්ඩායමට ලොකු දෙයක් කළ හැකියි“ දුස්මන්ත චමීර පැවැසීය.

Active filters

Recent Posts

  • එස්.එස්.සී සහ කෝල්ට්ස් දක්ෂතා දක්වති
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා […]
  • ශ්‍රී ලංකාව දශකයකට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබයි
    එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස […]
  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee